උදේට කාල අපි ආයෙම පෝලිම් වලට හැදුනේ හරි වෙලාවට ග්‍රවුන්ඩ් එකට ඇවිත්.
" හරි ලමයි. ඔයාල හැමෝටම සුබ උදෑසනක්. මන් තමා ඔයාලගේ ගේම්ස් අද සුපර්වයිස් කරන්නේ. මෙයාල ඒකට මට උදව් කරයි. එහෙනම් අපි දැන් ඔයාලව කන්ඩායම් 10 කට බෙදනවා. මෙතන ගොඩක් ලමයි ඉන්නවනේ. එකේ ඉදන් දහයට ගනන් කරලා හැදෙන්න බලන්න ගෲප් දහය." උස තලෙලු අවුරුදු තිස්පහක් විතර උන යූත් එකේ කෝඩිනේටර් කෙනෙක් ඇවිත් එයත් එක්ක හිටපු අනිත් අයවත් පෙන්නලා කිව්වා.
අපි ඉතින් පොඩි අයගෙන් පටන් ගෙන ගනන් කරලා. ටීම් දහයකට හැදුනා. ආයෙ ඒ විදිහට පෝලිම් වුනාම එකකට තිහක් විතර හිටියා. මන් හිටපු එකේ චනා, තෙනූශ අයියා වගේම කෙමිත මල්ලිත් හිටියා. එහෙනම් ගෘප් ගේම්ස් වලින් අපි තමා එක.
" හරි ලමයි, මෙතන අපිට නම් දීල තියෙන විදිහට තුන්සිය දහයක් ඉන්නවා. ඒ කියන්නෙ එකකට තිස් එකක් ඉන්නවා. ගානටම. දැන් ඔයාලා ටීම් ලීඩර් කෙනෙක් දාගෙන. නමක් චියර් එකක් හදාගන්න. අපි ඒවා චෙක් කරනවා. ඒ වගේම ලකුනුත් දෙනවා."
අපි එහෙම්ම රවුමක් හැදිලා. එකට වුනා.
" හරි එහෙනම් ලමයි, මොකෝ කියන්නෙ අපි තෙනූශ අයියව දාමුද ලීඩර්ට." චනා පටන් ගත්ත ගමන් කිව්වම පොඩ් අය සට සට ගාල ඔලුව වැනුවා.
තීක්ශන අයියත් ඒකම කිව්වට පස්සෙ ලීඩර් විදිහට තෙනූශ අයියව දැම්මා.
" දැන් නමක් කියන්න බලන්න. කෙමිත මල්ලි අදහසක් තියෙනව ද? අපිට කාලෙ වැදගත්. කලින් ඉදලා තියෙන අය ඒක දන්නවනේ." තෙනූශ අයියා ඇහුවා.
" ම්ම් අපි නිකන් ලයන් වගේ තීම් එකකින් යන්ද? " කෙමිත කිව්වා.
" ඔව්නේ. අපිට චියර් එකටත් ඒක ලේසි වෙයි. නිකන් බ්‍රේව් ලයන්ස් වගේ." සනුලි කිව්වා.
" හ්ම්ම් ඒක හොදයිනේ තීක්ශන. එහෙනම් අපේ චියර් එක හදාගෙන වැඩේට බහිමු." තෙනූශ අයියා කිව්වම අපි චියර් එකකුත් රෙඩි කරන් ඒක හැමෝම ඉස්සරහ කරාම අමුතු ගැම්මක් ආවා.
එක එක නම් වලින් එක එක විදිහට ටීම්ස් ගොඩක් තිබ්බා. ඔය හැම එකේම පෆෝමන්ස් වලින් පස්සෙ ගේම්ස් පටන් ගත්තා. බෝලෙ උඩින් යටින් පිටිපස්සට යවන එක, මහ දවාලෙ බැලුම් පුම්බලා එයාල කියපු ශේප් හදපු එක, අර පත්තර කොලේ ඇතුලට ඔක්කොම බහින එක වගේ ගොඩක් ගේම්ස් කන්න කලින් කරා.
YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-