CHAPTER 22

732 43 3
                                    

හැමෝම ගෙවල් වලට යන්න ගත්තා. අස්කරලා ඔක්කොම ඉවර කරලා තිබ්බ නිසා තෙනූශ අයියයි දිනාල් අයියයිත් මායි මෙනුවයි එක්ක යන්න ආවා. වහින්න අහස කලු කරලා තිබ්බෙ. අපි ගෙදර යද්දි වහී. කුඩේ දාගත්තෙ හොද වෙලාවට. අපි බස් එකට නැගලා වාඩිවුනේ සෙනග වැඩිය නැති නිසා. අපි බස් එකේ ඉද්දිම චිරි චිරි ගාල වහින්න ගත්තා. අද නම් කුඩේ තිබ්බත් නාන්න වෙයි වගේ.

" මේ යෙතුනි නන්ගි කුඩයක් නෑ." දිනාල් අයියා අපේ පිටිපස්සෙ ඉදලා කතාකරා.

" මන් ගාව එකක් තියෙනවා. මෙනුවො ඔයා ගාව තියෙනවද?"

" ඔව්. ඔයාල ගෙනාවෙ නැද්ද?"

" නෑනෙ බන්. මොකෝ කරන්නෙ. උබ යන්නෙ අනිත් පැත්තටනේ."

" ම්ම්ම්... එහෙනම් මෙහෙම කරමුද? ඔය දෙන්න මගේ කුඩෙන් යන්න. මන් මෙනු එක්ක එයාලගෙ ගෙදර යන්නම්. වැස්ස අඩු උනාම අයියා එයි මාව එක්කන් යන්න."

" ඉතින් බන් දැන්ම අයියට කෝල් එකක් දීලා කියනවකෝ කාර් එකේ එන්න කියලා."

" එහෙම ඕනි නෑ අයියා. යෙතු යයි මන් එක්ක."

" දිනාල් සෙනේ අන්කල්ට එන්න කිව්වොත්?"

" වැඩක් නැතිවෙයි මිදුවෝ එයා තාත්තා එක්ක යන්න ඇති. අයියත් ගෙදර නැතුව ඇති. "

" ම්ම්... දිනාල් අයියා තාත්තා ගෙදර ඇත්තෙ සමහරවිට මන් කෝල් එකක් ගන්නම්. මන් එයා එක්ක යන්නම්. ඔයාල මගේ කුඩේ ගන්න."

" ආහ් ගනින්කෝ ඒනම්." දිනාල් අයියා ෆෝන් එක මෙනුවට දුන්නා.

මන් නිසානෙ ඔක්කොම. මගෙ බය නොතිබ්බා නම් මෙහෙම වෙන්නෙ නෑනෙ.

" තාත්තා... "
" ගෙදරද ඉන්නෙ?"
" එන්න පුලුවන්ද හන්දිය ගාවට. අපිට කුඩ මදි."
" මායි යෙතුයි දිනාල් අයියයි තෙනූශ අයියයි."
"අපි තව විනාඩි දහයෙන් වගේ ඔතන."
" හරි එහෙනම්"

" ඉතින් බන් අපිවත් එක්කන් යන්න කියපන්කෝ සදෙව් අන්කල්ට. එතකොට කුඩ ඕනි නෑනෙ." මෙනුවා ෆෝන් එක දිනාල් අයියට දුන්නා.

" එහෙම බෑ."

" ඒ මොකෝ?"

" බැරි නිසා."

" පුහ්හ්.. මුගේ ගෑස්."

" දිනාල් ඇති බන්."

මන් මුකුත්ම නොකියා ඔලුව පාත් කරන් හිටියා. මන් මොනා කියන්නද. කියන්න දෙයක් මගෙ ඔලුවට එන්නේ නෑ. මොනා උනත් මෙනු ඒක කියන්නෙ නැතුව එයාගෙ ලොකු කම පෙන්නපු එකෙන් දිනාල් අයියා නම් ටිකක් අවුල් ගියා.

කණාමැදිරි එළිWhere stories live. Discover now