අරහෙට දුවනවා මෙහෙට දුවනවා. වැඩ වැඩ වැඩ. වෙන අවුරුද්දක් නම් නිවාඩු පාඩුවෙ ටීවී එකේ හැරී පොටර් සිය වෙනි වතාවට හරි බල බල හෝම් අලෝන් බලන කාලෙ. කොහෙද කොරෝනයි, ලන්කාවෙ අති දක්ශ දේශපාලනටයි පින් සිද්ද වෙන්න දෙසැම්බර් මාසෙ අපි ඉස්කෝලේ. ශෝක්නේ. හොදම දේ කියන්නෙ ස්කූල් කොන්සර්ට් එකයි ප්රයිස් ගිවින්ග් එකයිත් මේ මාසෙ අස්සෙම දාගන්න වෙනවා මේ අවුරුද්ද ඉවරකරන්න ඕනි නිසා. නොවැම්බර් වල තිබ්බ ඒලෙවල් එක්සෑම් නිසා ඒවා ඔක්කොම දෙසැම්බර් වලට කල් ගියා. ඊළග මාසෙ ඕලෙවල් තියෙන නිසා එකොලහේ උන් ඉස්කෝලෙ ඇත්තෙත් නෑ.
දැන් ඉතින් අපි ඒවට ලෑස්ති වෙනවා. අප්පච්චි ආයෙ අනුරාධපුරේ ගියා සතියක් විතර ගෙදර ඉදලා. අයියත් දෙපාරක් විතරම කැම්පස් ගිහින් ආවා මේ කාලෙ ඇතුළෙ. අපිත් දැන් එක එක අයිටම් වලට ඉන්න මිනිස්සු හොයනවා. මේ ඉන්නවා මේ අතුරුදහන් වෙනවා. මායි මිහීයි හිටියේ නැටුම් කරන මිහිරි මිස් හම්බවෙන්න යනගමන්.
" ටීච කිව්වෙ නැද්ද බන් එන්න කියපු හේතුව?"
"නෑ බම්. පොඩි එකෙක් අතේ පණිවිඩයක් එවලා තිබ්බා ඩාන්සින්ග් රූම් එකට ඇවිත් යන්න කියලා."
"උබට නටන්න දෙන්නවත්ද දන්නෙ නෑ"
"අනේ මගෙ නැටිලි. තාලෙට අඩියක්වත් තියාගන්න බැරි මන් මොනා නටන්නද මිහීයො."
"කියන්න බෑ ඉතින්. අපේ වාසනාවෙ හැටියට ඕවගේ ඒවා කඩාපාත්වෙන්න තියෙන ඉඩකඩ වැඩී."
"ඒකත් ඇත්තනේ බන්."
"ආ නන්ගිලා කොහේ යන්නෙ?"
මගදි හම්බුනේ දිනාල් අයියයි සිහින අයියයි. කොහෙද දන්නෙ නෑ අනිත් සගයා. දිනාල් අයියා ට්රැක් කිට් එකෙන් ඉස්කෝලෙ අස්සෙ ඉන්නෙ මොකක් හරි අයිටම් එක්කට ඉන්නවද?
"යෙතූට මිහිරි මිස් එන්න කියලා තිබ්බා."
"අයියලා මොනාට හරි ඉන්නවද?" මන් තිබ්බ පස්නේ ඇහුවා.
"නෑ තව. කිව්වෙ නම් නෑ එහෙම එකක්."
"එහෙනම් ට්රැක් කිට් එකෙන්?"
"ආ... මන් මේ ප්ලැටූන් එක බලන්න ගියා."
"ඒමත් එකක්ද? අපි යනෝ ඒනම්."

YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-