මන් නිලක්ශටත් යන්න කියලා තෙනූශ අයියගෙ අපාර්ට්මෙන්ට් එක පැත්තට ගියේ කාලෙකින් එහෙ යන්න බැරි උන නිසා. කඩේකින් කන්න අනන් මනන් ටිකකුත් අරන් මන් පයින්ම ආවෙ වෙලාවත් පහත් පහුවෙලා තියෙද්දි. අයියා මෙහෙ අපාර්ට්මෙන්ට් එක අරන් දැනට මාස පහක් විතර වෙද්දි කැම්පස් එකට ටිකක් ළගින් තියෙන නිසා මන් හිටිගමන් එහෙ යනවා. මන් යන වෙලාවට අයියා ගොඩක් වෙලාවට නැති නිසා යතුරක් මටත් දීලා තිබ්බා. මේඝ අයියගෙ අපාර්ට්මෙන්ට් එකත් ඊට එහාපැත්තෙම තිබ්බත් ඒ මනුස්සයත් වැඩි හරියක් ඉන්නෙ අයියගෙ ගේ ඇතුළෙ තමා. පොඩි පින්නක් එහෙන් මෙහෙන් ගියත් කුඩෙත් නැතුව මන් ආවෙ ඒ පින්න හරි ශෝක් නිසා. මන් අයියට කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ මේ වෙලාවෙ වැඩ වලට හිර වෙලා ඇති කියලා මට හිතුන නිසා. මේ දවස් ටිකේම එයා හරි මහන්සියෙන් හිටියේ. හිටි ගමන් මගෙ ගෙදර ඇවිත් උකුලෙ ඔලුව තියාගත්තම මට හිතාගන්න පුලුවන් ඒ මහන්සිය මූණෙත් එක්ක තියෙනවා කියලා. මන් යතුරෙන් දොර ඇරලා ඇතුළට ආවෙ කලු කුමාරයටත් කතා කරගෙන. එතකොටම මාව ඇදිලා ගිහින් දන්න කියන තැනක නතර උනා.
" තේනු... ඔයා අද කළින්?"
" ම්ම්..."
" දැන්ද ආවෙ?"
" ම්ම්..."
" කෑවද දැන්?"
" ම්ම්..."
" මහන්සිද අද?"
" ම්ම්..."
බකමූණෙක් වගේ මාව පිටිපස්සෙන් බදාගෙන මගෙ බෙල්ලෙ ඔලුව ගහන් මුමුණන තෙනූශ අයියව දැකලා මට හිනා ගියා. අතේ තිබ්බ බඩු මලු ටිකයි බෑග් එකයි ළග තිබ්බ පුටුවකින් තියද්දි මට දැනුනේ බෙල්ලෙන් ආපු තෙතක්. එහ්හ්.. මට කිචි හලෝ... මගෙ ඉණ දෙපැත්තෙන් වැටිලා බඩ උඩින් නතර වෙලා තිබ්බ ඒ අත් දෙක මන් ටිකක් ලිහිල් කරලා එයාගෙ පැත්තට හැරුනේ එයාගෙ ඔලුව මගෙ නළල උඩින් නතරවෙද්දි. මෙයාට මහන්සි පාටයි. තාමත් ඔෆිස් කිට් එකෙන් හිටිය එයාගෙ ටයි එක ගැලවිලා ශර්ට් එකේ උඩ බට්න් එක ඕපන් වෙලා තිබ්බා. මන් හිමින් ඒ දිගට තිබ්බ සිනිදු කොන්ඩෙ අස්සෙන් අත යැව්වා. ඇස් දෙකත් වහගෙන හිටිය එයා ඒකත් එක්ක හිමින් ඇස් ඇරියා.
YOU ARE READING
කණාමැදිරි එළි
Non-Fiction" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-