CHAPTER 51

695 42 7
                                    

කාලෙ ගිය විදිහ ගැන මටම හිතාගන්න බෑ. මාස ගානක් ගියේ මොනා වෙලාද කියලා මන්වත් දන්නෙ නෑ. ටොප් බෝඩ් ඩියුටීස්, ස්කූල් ටර්ම් ටෙස්ට්ස්, චෙස් ටූනමන්ට්ස්, ඉස්කොලෙ ෆන්ශන්ස් ඔය ඔක්කොටම පස්සෙ අපිට නිවාඩු දුන්නා ඒ ලෙවල් නිසා.

ඒ ලෙවල් නිසා අයියලා අක්කලා ටික ඉස්කෝලෙ එන්නෙ නැති නිසා ක්ලබ් වල ඉස්කෝලෙ එක එක යුනිට් වල වෙනස්කම් ගොඩක් උනා. ජෝශප් අයියා නැති නිසා අපි ඔක්කොමගෙ කැමැත්තෙන් තිශේන් ක්ලබ් ප්‍රසිඩන්ට් වෙද්දි මන් සුපුරුදු ලේකම් පට්ටමේ. පහන්‍යා අක්කා ප්‍රසිඩන්‍ට් හිටිය මීඩියා යුනිට් එකේ ප්‍රසිඩන්ට් රෝල් එක මට ලැබුනා. මිහිනද අයියා නැති නිසා ස්කූල් ඔකෙස්ට්‍රා ලොක්කගෙ පට්ටම මෙනුවට හම්බවෙද්දි වෙස්ටන් බෑන්ඩ් හෙඩ් රෝල් එක නෙතූට වැටුනා. තෙනූශ අයියට තිබ්බ ඉන්ට්‍රෑක්ට් ක්ලබ් ප්‍රෙසිඩන්ට් පට්ටම චනාට වැටෙද්දි ක්‍රිකට් ටීම් එකත් උගෙ ඔලුවටම කඩාපාත් උනා. ස්කූල් පාර්ලිමන්ට් එකේ අගමැති තමා මිහී. නිකන් සිරිමාවෝ බණ්ඩාරනායක මැඩම් වගේ එයා. පස්නේ තියෙන්නෙ එයාගෙ ඇමතිලා ඔක්කොම එයාට වඩා උසයි. කලින් සිහින අයියගේ පට්ටම ඔය. අපි නම් ඔය පාර්ලිමේන්තුවේ පස් පාගන්නෙ නෑ එයා විතරයි යන්නෙ. පස්සෙ තමා අපි දන්නෙ නිලක්ශත් ඒකෙ ඉදලා කියලා. එයාලු පාසල් අභ්‍යන්තර කටයුතු බාර ඇමති. දෙන්නම එක පක්ශේ කියන්නෙ. අනෙ අපිට මොකෝ. ඒ වගේම වොලිබෝල් ටීම් එකෙත් නිලක්ශ ඉන්නවා. නෙතූ නම් නෙට්බෝල් අතාරින කථාවක් කිව්වා තව ටික කාලෙකින්.

ඔය වැඩත් එක්ක ටොප් බෝඩ් ඩියුටි ටික කරද්දි හොද පණ යනවා. එක හොද දේකට තිබ්බෙ අපි කාටවත් මෙ වැඩ එපා උනෙ නෑ. අපි ඔක්කොම මාර ආසවෙන් කරේ. මටයි චනාටයි වෙන ඉස්කෝලවල ෆන්ශන්ස් වලට යන්න වෙද්දි තමා අපි දෙන්න ඔක්කොම දමාගහලා යන්නෙ. ඒක හෙන ශොක් වැඩක්. එයාලා කරන ඒවා බලන් ඉදලා කාලා එනවා. චෙස් ක්ලබ් එකෙන් හවස කරන් ගිය වැඩේ සේමින්දි නන්ගිට දුන්නා අලුත් සෙට් එක ප්‍රැක්ටිස් කරවන්න. චනා බැජ් එක නිසාම රණ්ඩු වලට පැටලෙන්නෙ නැතුව හිටියට කටෙන් කියන්න ඕනි ටික ඔක්කොම කියලා එන්නෙ. සදෙව් සදරු සෙට් එක ඉස්කෝලෙ එන්නෙත් නැති නිසා වලි නම් ගොඩක් දුරට අඩු වෙලා තිබ්බෙ. අර ඩයස්ගේ නන්ගි මල්ලිලා සෙට් එක නම් ආයෙ අනන් මනන් කියාගෙන ආවෙ නෑ දකින තැන හිනාවෙලා ගියා. බැජ් එකේ බලේ තමා.

කණාමැදිරි එළිWhere stories live. Discover now