CHAPTER 76

194 14 3
                                    

මන් කිරිඅම්මත් එක්ක කියව කියව උදේට ඉව්වෙ අප්පච්චි හොස්පිට්ල් යන්න ලෑස්ති වෙලා පහළට එද්දි. අප්පච්චිත් එක්කම කාලා අපි දෙන්නා පැළ වලට සාත්තු කරේ කිරිඅම්මට දැන් ඒ වැඩ කරන්න තනියම අමාරු නිසා.

" අහ් කිරිඅම්මා තෙනූශ අයියා ලංකාවට ආවා කියලා ඔයාටලුනේ මුලින්ම කියලා තියෙන්නෙ."

" ඔව්නේ දෝණි. කල්පනී දුවට කතා කරන වෙලේ මන් එහෙ හිටියේ පුතා මට තමා කතාකරලා කිව්වෙ මුලින්ම එහෙම බැලුවොත්."

" එයා මෙහෙ ආවා ඊයෙ. අද එයි මේ පැත්තෙ."

" අනේ හොදයි. කල්පනී දුව පාලුවෙන් හිටියේ සුදු පුතා නෑ කිය කිය."

" හ්ම්... ඔයාව බලන්නත් එයි."

" කොච්චර දෙයක්ද දෝණි. ඒ දරුවා නම් හරි හොද ළමයෙක්. දැන් මොකද ඒ දරුවා කරන්නෙ?"

" එයාගෙ අම්මගෙයි තාත්තගෙයි කම්පැනි දෙක බලනවා කිරිඅම්මා කොළඹ."

" කල්පනී දුව නම් හිටියේ ඒ දරුවා ඒවා බාරගන්නෙම නැතිවෙයි කියන තැන."

" ඒ මොකද කිරිඅම්මා ඒ?"

" නෑ දෝණී. තෙනූශ පුතා අකමැත්තෙන්ලුනෙ හිටියෙ ඔය බිස්නස් වැඩ ගැන. කල්පනී දුව හිතේ අමාරුවෙන් හිටියේ ඒ දරුවා මොනා කරයිද කියලා හිතාගන්න බැරුව."

" හ්ම්... කිරිඅම්මා ඔය ස්විස් චීස් එක මෙහෙට දෙන්න."

" මෙන්න ගන්න. කාලෙකින් නේද දෝණි මේක අස් කරන්න හම්බුනේ."

" ඒකනේ කිරිඅම්මා. බලන්නකෝ අර පොඩි උණ පදුර තව ටික කාලයක් ගියොත් පොට් එකත් කඩාගෙන යනවා."

" ඔව් ඕක වෙනම අරන් පැල කරලා බලමු බිම."

" හ්ම් ඔව්නේ. අර ලිලී එකත් දෙන්න කිරිඅම්මා. අයියා අලුත් එකක් අරන් ඇවිත්නේ."

" ඔව් මොකක්ද නමකුත් කිව්වා. මට මතක නෑ."

" ඔය පීස් ලිලි එකක් කිරිඅම්මා. අයියා කොහෙන් හොයාගන්නවද මන්දා මේ පැළ."

" මේක නම් මේ කවුරුහරි ගෙනත් දුන්න එකක් කිව්වා."

" හ්ම්... කිරිඅම්මා අම්මගෙ රෝස පාත්තියට මොකද උනේ?" කිරිඅම්මා මගෙ අතට ලිලී පොට් එක දෙද්දි මන් ඇහුවා.

කණාමැදිරි එළිWhere stories live. Discover now