උදේම එහෙට දුවනවා මෙහෙට දුවනවා. කකුල් දෙකට නිවනක් නෑ. දෙකට පටන් ගන්න තියෙන ස්පෝර්ට් මීට් එකට මැරීගෙන වැඩ කරනවා. හවුසස් වල වැඩත් මේ වෙද්දි ඉවරවෙලා තියෙද්දි මන් ඒ වැඩ කරන්න ගියේ ඊයෙ විතරයි. අද පැත්තේවත් ගියෙ නෑ. හංසයෙක්ගෙ හැඩේටම හදමු කියලා ආව යෝජනාව නිසා දහන් අයියලා කල්ප අයියලා තෙනූශ අයියලා ඊයෙ රෑ වෙනකන් ඉදලා ඒකෙ වැඩ කරා. සෙට් එක ගෙදර ගිහිල්ලත් නැද්ද මන්දා. පත්තර කොළ සුදු කරලා මුලු වටේටම වහලා තිබ්බා. අනිත් හවුස් ටිකත් ගිරා හැඩෙන්, මොණරෙක්ගෙ හැඩෙන් වගේම පරෙවි එකෙන් මාළිගාවක් හදලා තිබ්බා උඩ කුරුල්ලෝ ඉන්න.
කම්ප්ලීට් කරපු ඇජෙන්ඩා එකේ කොපීස් අරන් ප්රින්සිපල්ට දීලා අනිත් අයත් එක්ක අනවුන්සින්ග් වැඩ ටික බැලුවා. ඒ අස්සේ ඩ්රිල් එකට ඉන්න පොඩි උන්ගේ ඇදුම් අඩුපාඩු බලන්නත් මට සිද්ද උනා. මිහී නම් එයාගෙ දිග සුදු ගවුම එක්කම සැලුන් එකට යැව්වා ඇතීනා එක්ක. නෙතූ බෑන්ඩ් එකේ ප්රැක්ටිස් ටික කරනවා. චනා හවුස් එකේ වැඩ බලනවා. මෙනුවා උඩැක්කියක් පුරුදු වෙනවා. මන් අනුන්ගේ වැරදි හොයනවා. ශෝක්නේ. කකුල් දෙක නෑ වගේ මේ දවස් ටිකට මගේ. අද දවසත් හිටගෙනනේ ඉතින්. ඒ මදිවට අද උදේ ඉදන් පට්ට අව්වක් තියෙන්නේ.
වෙලාව ලන් වෙන්න ලන් වෙන්න ග්රවුන්ඩ් එකේ හෙවණ තැන් ටිකෙන් ටික පිරෙන්න ගත්තා. පෝඩියම් එක උඩ ගෙස්ට්ලට ඉන්නයි අනවුන්සින් වලටයි සරසලා තිබ්බා. ළමයි ටිකත් ශේප් එකේ තම තමන්ගෙ හවුසස් ගාවට යද්දි දිනෙත අයියා වැඩේ පටන් ගත්තා. දැන්ම බ්ලේසර් දාන්න ඕනි නැති නිසා මන් ඒක පැත්තකින් තියලා හවුස් එක ගාවට ගියා. හවුස් එක ඇතුළේ අව්වෙන් බේරෙන්න හිටපු කෙල්ලො ටික බෙර සද්දෙට එළියට ආවා. ගෙස්ට්ලා ටික එද්දි තමා මන් දැක්කෙ හෙඩ් බෝඩ් එකේ අයව.
තෙනූශ අයියගෙ රෙඩ් ස්කූල් බ්ලේසර් එකේ එක පැත්තක් වැහෙන්නම මෙඩල්ස් අනන් මනන් පිරිලා. අනිත් පැත්තෙ චේන්ස් එල්ලෙන හෙඩ් ප්රිෆෙක්ට් බැජ් එකයි ස්කූල් ලෝගො එකයි. අච්චර මිනිස්සු ගොඩක් එක්ක ඇවිල්ලත් එයාව මාර විදිහට හයිලයිට් වෙන්නෙ. සොසයිටි කීයක ඉන්නවද කියන්න දන්නෙ නෑ. දිනාල් අයියගෙත් හිච්චි කාලෙ ඉදලා කරපු කැඩෙට් බැජස් වලින් පහළට යනකන්ම වැහිලා. තෙනූශ අයියත් එක්කම එන ගිහාරා අක්කගෙත් කැඩෙට් බැජස් වලින් පිරිලා. සිහින අයියත් දහයකට ගහන්න වගේ එනවා බ්ලේසර් එකේ සයින්ස් පුරවන්. යෝ ලොකු මස්සිනයි දෙවෙනි මස්සිනයි ගැම්මක් තමා නේ. අපේ දේපළ තමා. ඇයි නැද්ද? මෙනුවා අපෙ නම්, මිහී අපෙ නම්, වක්රාකාරව අයියලා දෙන්නත් අපේ. නෙතූ හිටියා නම් පැණි මුට්ටිය හලන්න තිබ්බා කොහෙද නෑනෙ.

YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-