Acknowledgement

1K 50 36
                                    

ළමයි කොහොමද ඉතින්,

Intro දෙකක්, chapters 90ක්, prologue එකක් එක්ක කොටස් 95ක් ( A/N & this ) එක්ක මාත් එක්ක මේ කණාමැදිරි සංචාරය යන්න ආව ඔයාලා එක්ක අද මන් මේක එයාලා දෙන්නටම බාර දෙනවා.

Epilogue එකක් නැතුව ප්‍රෝලොග් දුන්න එකම රයිටර් මන්ද දන්නෙ නෑ අනේ. නැතිව ඇතුනේ. Anyway, මන් මේක පටන් ගත්තෙ ජූනි පළවෙනිදා. එදා ඉදලා මන් මේක ඔයාලා අතරට අරන් ආවා. ඇත්තම කිව්වොත් මේ මාස ටික මගෙ ජීවිතෙත් ගොඩක් වෙනස්කම් කරපු කාලයක්. විශේශයෙන් ඔයාලා වගේ රීඩස්ලා ගොඩක් හම්බුන එක. මන් සෝශබල් කැරක්ටර් එකක් උනත් මන් මිනිස්සු ඇසුරු කරන්නෙ අතේ දුරෙන්. එහෙම තියෙද්දි ඔයාලා වගේ කට්ටියකගෙ වචන මට ඇහෙද්දි හරි සතුටක් දැනන්නෙ.

මේක මන් බේස් කරේ බදුල්ල බණ්ඩාරවෙල මහියංගන සයිඩ් එකට. දෙන් කැන්ඩි ඇන්ඩ් කලම්බො. ඒක සමහර අයට නෝට් වෙලා ඇති. මන් හිතන්නෙ නෑ මේකෙ තිබ්බා වගේ ඉස්කෝලයක් ඔයාලට හොයාගන්න පුලුවන් වෙයි කියලා මොකද මේක ඉස්කෝලෙ ගොඩක එකතුවක්.

සමහර අත්දැකීම් මගෙ පෞද්ගලික ඒවා වෙද්දි සමහර ඒවා මගෙ යාලුවොන්ගෙ. මටත් ඉන්නවා මිහී නෙතූ වගේ යාලුවො දෙන්නෙක්. චනා මෙනුවා වගේ දෙන්නෙක්. ඉතින් මන් හරි ආදරෙයි ඒ අයටත්.

මන් මුලින්ම ස්තූති කරන්න කැමතියි මගෙ එක යාලුවෙක්ට. චතූ මේක ඔයාට. මන් මේක එයාට මැදින් කියවන්න දුන්නෙ. හැමදාම එයා මට දුන්නෙ හොද කමෙන්ට්ස්. මට ලැජ්ජත් හිතුනා මේක කියවන්න දෙන්න එයාට. ඇයි අනේ අපි කරපු ගොන් වැඩත් තියෙනවනේ මේකෙ. ඒකි මාව ආතල් එකටත් ගත්තා.

ඊටපස්සෙ මගෙ චූටිට. ඒ මගෙ නන්ගි. එයා තමා මට මේකට සපෝට් කරේ.

දෙන් මගෙ සුදු ඇන්ඩ් රෝසි. මගෙ පූසො දෙන්නා. මන් ඇදට වෙලා ලියන වෙලාවට මගෙ තනි මැකුවේ ඒ දෙන්නා.

ඊට පස්සෙ ඉතින් ඔයාලට තමා. මේක ඔන්ගොයින් කියවපු ලොකු පිරිසක් හිටියා. වෝට් කරපු කමෙන්ට්ස් දාපු මේක කියවපු හැමොටම ගොඩක් ස්තූති.

ඊයෙ මම අවසන් චැපිය දානවා කිව්වම කමෙන්ට්ස් දාලා තිබ්බා අනේ තව ඕනි කියලා. ඇත්තටම ළමයි මන් මේක ලිව්වෙ ශෝට් ඇන්ඩ් ස්වීට් ලව් ස්ටෝරි එකක් විදිහට. මන් දන්නවා ශෝට් නම් නෑ කියලා. ස්වීට් නෑ කියල නම් කියන්න එපා. මන් දෙන්නට බකට් දැම්මෙ නෑ. මන් බාල්දි දැම්මද. නෑ පිස්සුද.

මට ඕනි වෙලා තිබ්බෙ මේක light hearted romance එකක් විදිහට ලියන්න. ඉතින් මන් විශ්වාස කරනවා මන් ඒක කරා කියලා. චැපි හැටකින් වගේ ඉවර කරන්න හිටියට මේක මන් හිතුවට වඩා ඇදුනා. ඒ උනත් ඔයාලා දාන කමෙන්ට්ස් එක්ක ඒක අවුලක් නෑ කියලත් හිතුනා. පටන් ගද්දිම එන්ඩ් එක මේක, කතාව මේක කියලා ප්ලොට් එක ඔලුවෙ තිබ්බා.

ඉතින් ළමයි,
මෙච්චර දවසක් මාත් එක්ක හිටියට ගොඩක් ස්තූති. ඔයාලට මෙයාල ගැන හිතෙන දේ අදවත් මට කියන්න හොදද. ඔයාල මේක කියවන්නෙ දවසකින්ද සතියකින්ද මාසෙකින්ද අවුරුද්දකින්ද කියන් එක හිතන්න එපා. ඔයාලට හිතෙන දේ මට කියන්න.

යෙතුනි
තෙනූශ
මෙනුශ්ක
සිහින
මිහින්සි
දිනාල්
නෙතුනි
යකිදු
චනාර්ග
සේමින්දි
නිලක්ශ
අයාන්‍යා
ලොකු අයියා
පොඩි අයියා
තියානා
මේඝ
පොඩි මල්ලි
දෝණි නන්ගි
අප්පච්චි
තාත්තා
අම්මා

තව කොච්චර හිටියද නේද? ඔයාලට මේක ගැන හිතෙන විදිහ මට කියන්න.

ඔයාලට ආයෙ මෙයාලව හම්බෙයි the wine cup නෙලීශගෙයි තියානගෙයි කතාව හරි මන්දාරම් එළි සුදු අයියගෙයි සුදු නෝනගෙයි කතාව කියෙව්වොත් හරි.

මේක මන් ලියපු පළවෙනි කතාව. පළවෙනියට ඉවර කරපු එක නොවුනට. ඉතින් මන් ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් ඔයාලගෙ තෙනූශව යෙතුනිව ලැබෙන්න කියලා. මාත් තාම සින්ගල්නේ මේ කිව්වට.

මේ කතාව කියවලා මාව ෆලෝ කරපු අයටත් මේක රීඩින් ලිස්ට් දාගත්ත අයටත් මන් මේ වෙලාවෙ ස්තූති කරන්න කැමතියි.

Again thank you so much for being with me in this beautiful journey.
Hope you enjoyed this to the fullest.

Believing is a way of blessing.

Have a safe and nice day.

ඔයාලගෙ rishu ☺️

කණාමැදිරි එළිWhere stories live. Discover now