උදේ ඉදන් මල්ලි එක්ක ඉදලා හවස අයියා ගියේ මල්ලිව ස්ටේශන් එකට දාන්න." මල්ලි ගිහින් කෝල් එකක් දාන්න. හරිද?"
" හරි අක්කා මන් කියන්නම්. කිරිඅම්මෙ මන් යනවා."
" බුදු සරණයි මගෙ කොල්ලට. අර කෑම ටික තාත්තටත් දීල කන්න. පරිස්සමින් යන්න ඕනි හොදද?"
" හරි කිරිඅම්මා. බායි අක්කා."
මල්ලි කිරිඅම්මටත් වැදලා බයික් එකට නැග්ගා. කිරිඅම්මා මාමටයි මල්ලිටයි අලුවයි පැණි වලලුයි හදලා දුන්නා. අපිටත් තියෙනවා. ඔහොම කවුරුහරි ආවොත් එයාගෙ රස කෑම අපිටත් ලැබෙනවා. අයියා එයාව ට්‍රේන් එකට දායි. කොහොමත් පැය දෙකකින් තුනකින් වගේ එයා නුවර යයි. පේරාදෙණියෙන් බහියිනෙ.
වෙලාව තුනට විතර ඇති. මන් ගේ ඇතුළට නොයා වාඩිවුනේ එලියෙ අඹ ගහ යට තිබුන බෙන්ච් එකේ. මෙතනට අම්මි වවපු හැම මල් ගහක්ම වගේ පේනවා. රෝස, ඩේලියා, කපුරු, පෝච්චි වල හදලා තිබ්බ ස්විස් චීස් පැළ, මනි ප්ලාන්ට්, ගස් උඩ එල්ලලා තිබ්බ ඕකිඩ් පැළ, නම් නොදන්න එක එක මල් වර්ග ගොඩක් තිබ්බා. කිරිඅම්මා මේවා හොදට බලාගන්න නිසා තාම මල් පිපෙන ඒවගේ මල් පිපෙනවා. ඒ අස්සෙන් මන් ඉන්න තැනට එහයින් ගහේ එල්ලලා තිබ්බ ඔන්චිල්ලාව. හුළගක් එද්දි ලාවට පැද්දෙනවා.
හෙට පාසලේ මහා ළමා දිනේ. ටීචලාගේ ප්ලෑනින්ග් හෙට තමා බලාගන්න වෙන්නෙ. ගිය සැරේ නම් ළමයි ග්‍රේඩ් විදියට වෙන් කරලා ඩීජේ එකක් දුන්නා. මේ සැරේ ආරන්චි මාර්ග පැහැදිලි නැත. හෙටම තමා බලාගන්න වෙන්නෙ. ගුරු දිනේ අපි දාගත්තෙ බදාදාට. මට තියෙනවා අනවුන්සින්ග් කරන්න දිනෙත අයියා එක්ක. ඒක හදාගන්නත් තියෙනවා.
මන් ෆෝන් එක අරන් ඉන්ස්ටා ලොග් උනා. තෙනූශ අයියගේ ස්ටෝරි. ඊයෙ රෑ කොහෙ හරි ගිහින්ද කොහෙද? එකොළහට අප්ලෝඩ් කරලා තියෙන්නෙ. එකම තරුවක්වත් නැති කලු අහසේ වළකුලුවලට යටවුනු හඳ. මෙයාගෙ ප්‍රොෆයිල් එකේ පවා තිබ්බෙ ඩාක් මිරර් සෙල්ෆි එකක්.
චනා මටයි මෙනුවටයි අයියලා තුන් දෙනාගෙ ඉන්ස්ටා ස්ටෝරි ගැන කිව්වට පස්සෙ මගෙ සජෙශ්න්ස් වල හිටිය ඒ තුන් දෙනාටම රික්වෙස්ට් දැම්මෙ එදාම තුන් දෙනාම මාවත් ෆලෝ බැක් කරද්දි. දිනාල් අයියව මන් මෙච්චර දැනන් ඉදලත් ඇයි මන් ෆලෝ කරේ නැත්තෙ කිව්වොත් ඒක දිග කතාවක්.

YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-