අද ඉතින් වැඩ වැඩි දවසක්. අද තමා බිග් මැච් බීශනේ. මට වැඩ නැති උනාට ඉතින් පාසල වෙනුවෙන් වැඩ කරන්න එපැයි නේ. බිග් මැච්මත් නෙවේ ඉතින්. උන් ගහනවා. අපි බලන් ඉන්නවා. සරලයි සුගමයි.
" අයියත් එනවනේ නේ? "
" ඔව් ඔව්. තුනටනේ පටන් ගන්නෙ මැච් එක පටන් ගන්න වෙලාවට ගියාම ඇති."
" මන් එනකන් ඉන්න එහෙනම් හොදේ."
" හා. දැන් යන්න එහෙනම් පරක්කු වෙයි."
මන් සුපුරුදු ලෙස බස් එකේ පාසල වෙත පිටත් උනා. චනාල අද දවසම පබ්ලික් ග්‍රවුන්ඩ් එකේ. සිහින අයියගේ නායකත්වයෙන් බෝයිස් එක පරාද කරන්න තමා එයාල බලන් ඉන්නෙ. බෑග් එක රූම් එකෙන් තියලා මෙනුවා එක්ක මන් ආයෙ ගේට් එක ළගට ආවා. අද මොකෝ මේ දෙන්නා මෙතන.
" ගුඩ් මෝනින් අයියලා."
" ගුඩ් මෝනින් මෙනුශ්ක. ගුඩ් මෝනින් යෙතුනි."
" මේ මෙනුශ්ක අදත් මට ෆුල් බෑග් චෙක් එකක් ඕනි."
" ඔව් මෙනුශ්ක, ගොඩක් අය මෙහෙමම නෙ ග්‍රවුන්ඩ් යන්නෙ. චෙක් කරන එක කෝකටත් හොදයි. සමිත සර්ව ඉන්ෆෝම් කරලා තියෙන්නෙ."
" හරි දිනාල් අයියා. ඒත් අද ගොඩක් ප්‍රිෆෙක්ට්ලා අඩුයි. ගොඩක් අය ග්‍රවුන්ඩ් ගිහින්. මෙච්චර ගොඩක් චෙක් කරන්න තව අය ඕනිනෙ."
" ඒක අවුලක් යන්නෙ නෑ. අද ගෑනු ලමයි අඩුවෙයි. කොල්ලො ටිකව චෙක් කරන්න අපිත් ඉන්නම්. එතකොට හරි." තෙනූශ අයියා කිව්වම අපි ඩෙස් ටික ඇදලා එන එන අයගේ බෑග් චෙක් කරා.
ඇත්ත තමා. ගෑනු ලමයි අඩුයි. අද කොහොමත් උගන්නන්නේ නෑනෙ. ඉස්කෝලෙ ගාවින් ෆෙරඩ් එකත් යන්න ගත්තම වටේ ඉන්න මිනිස්සුත් නෑනෙ. ඒක ඉතින් සාමාන්‍ය සිද්ධියනේ මැච් කාලෙට. අද ඉතින් කොල්ලොන්ගෙ සද්දෙ වැහිලා. හෙඩ්මනේ ඇවිත් චෙක් කරන්නෙ. චෙක් කරා කිව්වට එයා නිකන් ඔලුව දැම්මා විතරයි. අපිනේ මේවා අස්සෙ තියෙන ඒවා බලන්න ඕනි. කෙල්ලොන්ගේ තමා ක්‍රීම්, පවුඩර්, පනා, කොන්ඩ කටු පැකට් පිටින්, බූල් බෑන්ඩ්, පොඩි පොඩි චොකලට්. කාට දෙන්නද දන්නෙ නෑ. එක්කො මුන් දැනගන්න ඕන චෙක් කරනවා කියලා දන්න නිසා ඕව දාල එන්න නැත්නම් හන්ගන්න. මුන්ට මොළේ නෑ. චොකලට් ඕනි නම් එළියේ ඉදන් දීපන් ඇතුළටම ගේන්නෙ. වැලන්ටයින් ළන් වුනාම තමා අපිටත් හොදට හම්බවෙන්නෙ. ගේන චොක්ලට් සියල්ල අප භාරයේ.

YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-