CHAPTER 65

620 35 5
                                    

" යෙතුනි නන්ගි."

" අහ් සිහින අයියා."

" මේන් මෙයා ගෙදර ඇවිත්."

" අනේ කලු කුමාරයෝ... කොහොමද බබෝ...?"

මන් ලගට ආව කලු කුමාරයා උගෙ බලු නැට්ට වන වන දිවත් දික් කරන් මන් දිහා බලන් ඉද්දි මන් උගෙ බූල් ඔලුව ඇල්ලුවා. අයියත් දැන් ගෙදර ඉන්නෙ අඩුවෙන් නිසා මන් මෙයාව මෙහෙට ගෙන්න ගත්තා. මන් නැති කාලෙ මූ නොකා නොබී ඉදලත් තිබ්බ නිසා අප්පච්චිත් මෙයාව මෙහෙ එක්ක එන්න කැමැති උනා. එහාපැත්තෙ ගෙදර ඉන්න මල්ලිට කොහොම හරි මෙයාව හුරු කරලා ඒ මල්ලිගෙ බල්ලත් එක්ක ඇවිදින්න එහෙම යනවා මෙයා දැන්. මන් නැති වෙලාවට ඒ මල්ලි එක්ක තමා මෙයා ඉන්නෙ. මන් ගෙදර ආවම මාව හොයන් ඇවිත් මන් එක්කම ඉන්නවා. නිදාගන්නෙත් මගෙ ඇද පල්ලෙහා.

" නන්ගිට පුදුම විදිහට මේකා පුරුදු උනානෙ?"

" ඔව් අයියා. මූ නොකා නොබී හිටියා කිව්වම මටත් අවුල් ගියා. බලාගන්න දීලා ගියාම මාත් මෙයාව දාලා ආවනේ."

" දැන් ඔය ඉන්නෙ අගේට. අපි ගාවටවත් හරියට ආවෙ නැති බල්ලෙක් මේ. පළවෙනියට මූව මිදුව අපිට පෙන්නද්දි දිනාල්ට බිරුවා ගේ දෙක වෙන්න අඩුම අඩියක්වත් උස නෑ." සිහින අයියා හිනා වෙවී කියද්දි මටත් හිනා ගියා.

" දැනුත් එච්චර තමා අර කෙනාල් මල්ලිට කන්ට්‍රෝල් කරගන්න බෑලු වෙලාවකට පාරෙ යන මිනිස්සුන්ට බුරද්දි."

" හ්ම්... පාලු නැද්ද නන්ගි?"

" පාලුයි අයියා. ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ගොඩ කාලයක් මන් ගාව තිබ්බ දෙයක් නැතිවෙලා වගේ දැනෙන්නෙ." කලු කුමාරයා අපි ගාව බිම වැතිරෙද්දි මාත් අත් වැටට හේත්තු උනේ බියර් එකත් ආයෙමත් කටට ලන් කරගන්න ගමන්.

" එහෙම දැනෙන එක හරි ඇති නන්ගි. ශානු මේ ලන්කාවෙ ඉදලත් මට මහ පාලුවක් දැනෙන්නෙ."

" හ්ම්... හරි අමුතුයි නේද අයියා එහෙම දැනෙද්දි?"

" ඒකට නෙවේද නන්ගි ඉතින් ආදරේ කියන්නෙ. තමන් ගාව ඉද්දි අර තිබ්බ පාලුව හොයන්නවත් නැතිවෙද්දි ආයෙ ටිකක් දුර ගියාම කවදාවත් දැනිලා නැති තනිකමක් දැනෙන එක." සිහින අයියත් අහස දිහා බලන් කිව්වා.

කණාමැදිරි එළිWhere stories live. Discover now