" මේ ඉන්නේ උඩරට මැණිකේ කෙනෙක් වගේ. හෙප්පුවත් දුන්නනම් උබව අදම බන්දලා දිය හැකියී." මිහී කිව්වෙ ඔසරියෙ පොට හදන ගමන්.
" මගුලක් කියවන්න එපා බන්. මේව කොහොම ඇගේ ඇදන් හිටියද මන්දා ඒකාලෙ මිනිස්සු."
" එහෙම තමා සුදු නෝනා. ලස්සනට ඉන්න පොඩි දුකක් විදින්න ඕනි."
" දුක තමා. මට බය අර පොඩි උන් අස්සෙ ගිහින් මේක කඩන් වැටෙයිද කියලා."
" නෑ නෑ බන්. මන් හරියට අන්දලා තියෙන්නෙ. දැන් ගිහින් මේකප් එකත් දාන් එන්න. නැත්තන් ඒකටත් ට්රැෆික් එකේ ඉන්න වෙයි."
" උබට මොකක් බ්ලේසර් එකද?"
" ඔව් බන්. මොකක්ද බොකේ එකකුත් තියෙනවා දෙන්න. අර මොකෙක්ද ඇමතියෙක් එනවලු."
" මටත් කිව්වා තමා. මන් ඇජෙන්ඩා එක බැලුවේ නෑ."
" මේ තෙනූශ අයියගෙ තාත්තා එනවලුනේ ගෙස්ට් කෙනෙක් විදිහට."
" මට කිව්වා. ඇයි නිහාල් අන්කලුත් එනවා. පුලුවන් කමක් තියෙනවනම් බොකේ එක අනාගත මාමණ්ඩි අතටම දෙන්න." මන් කට කොනෙන් හිනාවක් දාලා කිව්වා.
" බලමුකෝ බලමුකෝ. දැන් යන්න එහෙනම්. මාත් යනවා අර පැත්තට. එයාලටම කියලා හොදට ටයිට් බන් එකක් දාගන්න කොන්ඩෙට."
" එහෙමයි එහෙමයි."
මිහී මට අතටත් පාරක් ගහලා එළියට ගියේ මන් ලට්ට ලොට්ට ටික බෑග් එක ඇතුළට දාගද්දි. දෙකට ගොතලා තිබ්බ කොන්ඩෙත් ගලවලා කඩාගත්තේ එතනට ගිහින් මේක කරන්න ගියොත් වටේ පිටේ උන් ඩෙගා නටන්න පටන් ගන්න නිසා. මන් ඇදන් හිටියේ ළා රෝස පාට ඔසරියක්. ඒකටම ගැළපෙන රෝස පාට ජැකට් එකට පොට හරියෙන් සුදු මල් වැලක් ගිහින් තිබ්බා. යට කොටස තනි රෝස. හරි චාම් විදිහෙ ඩිසයින් එකක්. කලු ටැසල් ඉයරින් දෙකට ඒ වගේම කලු චේන් එකක් දැම්මා.
බෑග් එක් එතනම තියලා කොන්ඩ කටු අනන් මනන් දාලා තිබ්බ පොඩි පවුච් එක අරන් මන් එළියට ආවෙ බැක්ස්ටේජ් එක පැත්තට වෙන්න හිටපු මේකප් අක්කලා ටික හොයන්. වැඩිය දාලා පුරුදු නැති උනත් සුදු හීල් එකක් දාන් ඉන්න නිසා මට ඇවිදෙන්නෙත් නිකන් රුවිතෙට වගේ.
YOU ARE READING
කණාමැදිරි එළි
Non-Fiction" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-