අපි ඕපන් තියටර් එකට එද්දි ගොඩක් අය එතනට ඇවිත් හිටියා. සර්ලා ටීචලා ටික දෙනෙකුත් හිටියා.
" ඒ බන් මන් පැත්තකට වෙලා ඉන්නම්කො. මන් නටන්න දන්න එකෙක් නෙවේනෙ." මෙනුව නහයෙන් අඬනවා.
" මෙන්න මෙහෙන් හිටපන්. අපි කියලා නටන්න දන්න අය නෙවේනෙ. ආයෙ මේකේ වන්නම් නටන්නෙ නෑනෙ." මන් මෙනුවට රැව්වා.
" ඔව් බන් ජස්ට් එන්ජෝයි." චනාත් කිව්වා.
" මිදුවො තොටත් එක්ක කියන්නෙ උබට ගිය අවුරුද්දේ මිස් උනා අර මොකෙක්ද එකෙක් නිසා. මේ සැරේ හිටපන් මෙන්න මෙහෙට වෙලා." දිනාල් අයියා තෙනූශ අයියට තරවටු කරා.
ස්කූල් ලමයි කියන්නෙ ගොඩක් වෙලාවට ඇකඩෙමික්ස් වලටම හිරවෙන අය. ගොඩක් අය මේ ඩීජේ එකක් දාල ළමයින්ට එන්ජෝයි කරන්න දෙන එක වැරදියට දකින්න පුලුවන්. ඉස්කෝලෙක මේවද කරන්න ඕනි. උගන්නන්නෙ නැද්ද? වගේ ප්‍රශ්න එන්න පුලුවන්. හැබැයි මන් නම් හිතන්නෙ නෑ එක දවසක් ළමයින්ට සතුටු වෙන්න දුන්න කියලා ඉගෙනීම අවුල් යයි කියලා. ගොඩක් ළමයි මේකෙන් සතුටු වෙනවා. හැම වෙලේම පොතම බදන් ඉන්න අයත් මේ වගේ එකකදි එළියට ඇවිත් සතුටු වෙනවා.
පොඩි සද්දයක් දාල පටන් ගමු කිව්වම හැමෝම ලොකු හූවක් දුන්නා. ඔක්කොම ඒලෙවල් ක්ලාසස් නිසා ගුරුවරු උනත් ලොකුවට බැලුවේ නෑ. වෙරලු මල් වලින් පටන් ගත්ත එකට ළමයි හිමින් හිමින් එකතු උනා. අපේ චියර් ලීඩර් උනේ මිහී. එයා අපි හැමෝමව එක එක ස්ටෙප් වලට ගත්තා. ළමයි ගොඩක් අස්සෙ එකට තමන්ට කැමති විදියට ඩාන්ස් කරන්න ලැබෙනවා කියන එක හැමෝටම ලැබෙන්නෙ නෑනෙ ඉතින්.
මොනා කියාගෙන ආවත් මෙනුවයි තෙනූශ අයියයිත් මේක එන්ජෝයි කරා. මායි මිහීයි නෙතුයි තුන් දෙනා අත් අල්ලන් කපල් ( කපල් නෙවෙනේ එතකොට ට්‍රිබල්) ඩාන්ස් නටද්දි දිනාල් අයියත් සිහින අයියවයි තෙනූශ අයියවයි අල්ලගෙන නැටුවා. චනාගෙ කඩි කෑවා වගේ නටන එක තමා හොඳම. අපි නැටුවා කිව්වට වඩා ඇග හෙලෙව්වා කියන එක තමා හොදම වචනේ. මොකද අපි නටන්න දන්නෙ නෑ. ගුරුවරු ඒ අස්සෙ වීඩියෝ කරනවා. ගිය සැරේ වීඩියෝ එකේ නම් අපි ටික වැඩිය පේන්න හිටියෙ නෑ. මේ සැරේ මොනාවෙයිද දන්නෙ නෑ. ළමයි හරි ෆ්‍රී එකේ හිටියේ. අද කවුරුත් බනින්නෙ නෑනෙ.
YOU ARE READING
කණාමැදිරි එළි
Non-Fiction" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-