" අඩේ මට බෑ බල්ලො අර පඩේ සින්නොන්ගෙ ලොකු කම් බලන්න."
" මොකෝ උනේ චනා...?"
" උන්ගෙ බලු රැග් එක නිසා අක්කා කෙනෙකුත් රවලා බැලුවා."
" කියපම්කෝ මොකද උනේ කියලා."
" මෙන්න මේකයි උනේ. මම ඇතුළට යද්දි ඕකෙ ඉන්නවා ගෝත සින්නො පස් හය දෙනෙක්. ඕකුන් මට කතා කරාම මම ගියා. උන් මට වද මලක් දීලා කිව්වා එන පාරෙ හම්බෙන පලවෙනි කෙල්ලට දීලා ආදරෙයි කියලා කොන්ඩ කෑල්ලක් ඉල්ලන් එන්න කියලා."
" ශැක් පව් බන් මූ. ඉතින්..."
" ඉතින් කියන්නෙ ඉස්සෙල්ලාම ආවෙ සුපර් සීනියර් අක්කා කෙනෙක්. මන් ගිහින් මල දීලා කොන්ඩ කෑල්ලක් ඉල්ලුවා. ඒකි මට රවලා ගියා කියපම්කෝ. අරුන් ටික කොන්ඩ කෑල්ල ගෙනාවෙ නෑ කියලා ලෙක් එක පටන් ගන්නකම්ම තනි කකුලෙන් බන් මන්."
" ඒ බන්. මොකෝ දැන් තෙල් ටිකක් ගාන්න ඕනිද?"
" මගුලක් කතා කරන්න එපා යෙතූ. මන් කල්පනා කරේ කොන්ඩේ අරන් මුන් වශියක්වත් කරන්න යනවද කියලා."
" ඒවා කියන්න බෑ. උබලට තේ ඕනිද?"
" අනේ දීපන්කෝ බන්. මේ නිලක්ශගේ තේ වල එක්කො සීනි නෑ එක්කො කහට වැඩී."
" දෙන එක බීලා හිටපන් චනා. උබට මන් තරම්වත් හදාගන්න පුලුවන්ද තේ එකක්."
" මට බැරි නිසානෙ බන් උබලගෙන් ඉල්ලන්නෙ. ඒක නෙවේ බන් උබලට රැග් නැද්ද?"
" තියෙනවා බන් එහෙම ලොකුවට යන්නෙ නෑ. සින්දුවක් කියලා නටලා ශේප් පාරක් දාගන්න පුලුවන්. වෙලාවකට තමා පොඩ්ඩක් වැඩි වෙන්නෙ නේද යෙතුනි."
" ඔව් චනා. ලොකු කේස් එකක් නෑ. කිරිම බොනවද? හැබැයි රෑට කන්නත් ඕනිනේ?"
" ඕනි නෑ යෙතුනි. ප්ලේන්ටියක් දාන්න."
" ඕකෙ. ඔය බොක්ස් එකක් ඇතුලෙ බිස්කට් ඇති කන්න."
මන් මගෙ ඩේසි මග් එකයි තව කෝප්ප දෙකකුයි හෝදලා තේ එක හදලා චනාටයි නිලක්ශටයි දුන්නා. ඒ දෙන්නා මගෙ චොක්ලට් බිස්කට් පැකට් එකට වැඩේ දෙන ගමන් තේ එක බොනවා.
මන් දැන් කොළඹ කැම්පස් එකේ ඉන්නෙ. කැම්පස් ඇවිත් නම් මාස දෙකකට ළගයි දැන්. නෙතූ පේරා ඉන්ජිනියරින් යද්දි මෙනුවත් පේරා මෙඩිසින් ගියා. මිහී රුහුනේ ඉන්ජිනියරින් යද්දි චනා ජපුරෙ මැනේජ්මන්ට් යනවා. නිලක්ශ මන් එක්ක කොළඹ මෙඩිසින් යනවා. එක එක කාලවල කැම්පස් පටන් ගත්තත් දැන් නම් ඔක්කොම කැම්පස් තමා. නිලක්ශට එයාගෙ අම්මා එයාලා කොළඹ ඉන්නෙ කාලෙ අරන් දීලා තිබ්බා පොඩි අපාර්ට්මෙන්ට් එකක් ඒකේ තමා දැන් නිලක්ශයි චනයි ඉන්නෙ. කැම්පස් දෙක අතර මහ ලොකු දුරක් නැති නිසයි දෙන්නටම බයික් තියෙන නිසයි ඒක ශේප්.

YOU ARE READING
කණාමැදිරි එළි
Romance" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-