" සුදු දෝණි... සුදු දෝණි... නැගිටිමු නේද දැන් ම්ම්?"
" ම්.. ම්... අ.. අයියා..."
අමාරුවෙන් ඇරගත්ත ඇස් වලින් මන් ඉස්සරහ ඉන්න අයියා දැක්කම මන් එයාගෙ ඇගට පැන්නා. මට එහාපැත්තෙ වාඩිවෙලා හිටපු එයත් මාව තදින් බදාගද්දි මොකද උනේ කියලා මතක් උනා.
" ඔයාට ප්රශ්නයක් නෑ නේද සුදු දෝණි ම්ම්?"
" අයියා චනා...?"
" එයා හොදින්ලු දෝණි. ශොක් එකට ෆේන්ට් වෙලා තියෙන්නෙ."
" අනේ අපි යන්කෝ එයා බලන්න."
" ම්ම් මන් එක්ක යනවා ඔයා කෑවොත්. දවල්ට කාලත් නෑ නේද?"
" අනේ අයියා යමුකෝ..."
" මෙහෙම යන්න බෑනෙ සුදු දෝණි. ඔයා වොශ් එකක් දාලා එන්නකෝ පහළට අපි කාල යන් හොදද? කියපන්කෝ ලොකු අයියා මෙයාට."
" ඔව් දෝණි අපි කාල යමු හොදද? යන්නකො දැන් වොශ් එකක් දාලා එන්න."
" හ්ම්ම්ම් හා. ආවම යනවනේ.."
" ඔව් ඔව්"
මට කළින් හිටියට වඩා හොදක් දැනුනා. වැස්ස නතරවෙලා රෑ වෙලා හොදටම. වෙලාව බලද්දි අටටත් ලගයි. මන් ඇහරෙද්දි ලොකු අයියත් ඉස්සරහ පුටුවේ වාඩිවෙලා හිටියා. පුටුවෙන් නැගිටිද්දි තමා මතක් උනේ අයියලා එන්න කළින් ගෙදර හිටපු මනුස්සයව. මන් තෙනූශ අයියා දිහා බලද්දි එයා මන් දිහා ළා හිනාවකින් බලන් හිටියා. එයාගෙ තොල ගාව දම් වෙලා. මෙයාලට මොකද උනේ? ඒ තුන්දෙනාගෙම මූණු වල තිබ්බෙ දුකක් එක්ක එකතු උන කලබලයක්. මන් ගැන බය හිතෙන්න ඇති අයියටයි ලොකු අයියටයි. තෙනූශ අයියත් ඒ විදිහටම බලන් ඉන්න එකෙන් මට හිතුනේ එයත් බයවෙලා කියලා.
මන් උඩට එද්දි පහළින් කුටු කුටු ගාන සද්දෙ ඇහුණා. කාමරේට ඇවිත් උදේ ඉදන් ඇදන් හිටපු ඉස්කෝලෙ ගවුම ගලවලා දාලා වොශෲම් එකට ගියා. ශවර් එකෙන් ආපු උනු වතුර මගෙ ඇග පුරා යද්දි අමුතු සැනසීමක් දැනුණා. කදුලු වලට පෙගිලම ඇස් දෙක රතු වෙලා තිබ්බා. ටවල් එකෙන් කොන්ඩෙත් පිහදාන් දිග ගවුමක් ඇදන් මන් පහළට ආවෙ හොස්පිට්ල් එකට යන්න ඕනි නිසා.
" දෝණි මේ වැස්සෙ නෑවද?"
" අරන් එන්න දෝණි ඩ්රයර් එක. ලෙඩක් හැදෙයි නැත්තන්."

YOU ARE READING
කණාමැදිරි එළි
Romansa" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-