" ඒක ඉවරයි බන්. ඒක ඉවරයි. අපි නිදහස් සාන්ත. අපි නිදහස්. විභාග දෙයියෝ අපිට සමාව දීලා අපේ පව් සමාකරලා අපිට නිදහස දුන්නා."
" ඔව් උබට පෙනෙයි නිදහස රිසාල්ට්ස් ආපු දවසට. වරෙන් යන්න මෙතන ආතල් ගන්නෙ නැතුව. මිනිස්සු බලන් ඉන්නවා බල්ලො."
" මෙනුවො මගෙ සතුට නැති කරන්න එපා බන් ඔහොම. ඒක ඒ කාලෙට බලමු. වරෙන් යන්න කන්න. බඩගිනි මේ දවස් ටිකේ හරියට කන්නවත් නෑ බන්."
" අහ් යමන් යමන්, තාත්තා එන්න කිව්වා පොඩි ෆීස්ට් එකක් දෙන්න වින්ටේජ් එක පැත්තට."
" සදෙව් අන්කල් දෙනවනම් අපි ඕන තැනකට එනවා මෙනුවෝ. නැද්ද චනා?"
" ආයෙත් අහලා යෙතූ යමු කන්න."
එක්සෑම් හෝල් එකෙන් එළියට ඇවිත් අපි ඔක්කොම හිටියේ ගේට් එක ඉස්සරහ. චනා අත් දෙකත් උඩ දාන් කෑගහද්දි මෙනුවා ඌව අයිනට කරේ එහෙ මෙහෙ යන ඔක්කොම මිනිස්සු ටික අපි දිහා පිස්සො ගාණට දාලා බලන් යන අස්සෙ.
ම්.. ඔව් අපි ඒලෙවල් ලිව්වා. දවස් ගානක් ඇදිලා ගිය විභාගෙ අද ඉවර උනා. අපෙ අවුරුදු දෙකක දෙක හමාරක මහන්සිය අද ඉවර උනා. අද ඉතින් හැමෝම ඉන්නෙ හදටත් උඩින්.
අපෙ ඉස්කෝලෙ කාලෙත් ඒ එක්කම ඉවරයි. මීට මාස තුනකට කලින් අපෙ ඩියුටීස් අලුත් බෝඩ් එකට භාර දුන්නා. කළින් වගේම හැම අවුරුද්දෙම වෙන වෙනස්කම් ටික හරි ඉක්මනට උනා. මට දැනුනේ ඒක හරි පොඩි කාලයක් වගේ. දැන් හෙඩ් ප්රිෆෙක්ට් ඉන්නෙ සියපත් මල්ලියි සේමින්දි නන්ගියි. අදීල් පවා දැන් හත වසරේ. ක්ලබ් වල වැඩ, ප්රිෆෙක්ට් ඩියුටීස් ඔක්කොම අපි දන්න නොදන්න ගොඩක් අයට බෙදිලා ගියා. චනාගෙ ක්රිකට් කැප්ටන්සි එක, මෙනුවගෙයි නෙතූගෙයි බෑන්ඩ් හෙඩ් රෝල් එක, මිහීගෙ ප්රියිම් මිනිස්ටර් පෝස්ට් එක, නිලක්ශගේ වොලිබෝල් කැප්ටන්සි එක, මගෙ මීඩියා යුනිට් ප්රෙසිඩෙන්ට් රෝල් එක ඒ ඔක්කොම වගේ අපි හොදම අයට දුන්නා.
ස්පෝර්ට් මීට් එක, තිබ්බ එක එක ෆන්ශන්ස් ඔක්කොම අපි අපේ උපරිමෙන් කරේ කලින් හිටපු අය අපිට ඒක හොදටම කියලා දීපු නිසා. අයියලා නැති අඩුව ඔය ඔක්කොම කරද්දි දැනුනේ එයාලා කළින් වතාවල් වල අපිට හැම විදිහටම උදව් කරද්දි. එයාලා ඒ එක එක ඉවෙන්ට්ස් වලට ඇවිත් හොදට කරලා තියෙනවා කියද්දි දැනුනේ හරිම ලොකු සතුටක්. තෙනූශ අයියා නම් ස්පෝර්ට් මීට් එකට ආවෙත් නෑ. දිනාල් අයියගෙන් ඇහුවත් එයා කිව්වෙ ඔෆිස් එකේ වැඩක් සෙට් වෙලා කියලා. අපේ ඉස්කෝලෙ අවසන් ඩියුටි ටික අපේ උපරිමෙන් අපි කරා. චනා කැප්ටන් කරපු ටීම් එක ඩ්රෝ වෙන්න ගිය මැච් එක කොහෙමෙන් කොහොම හරි ඇදලා දුන්නා. කොන්සර්ට් එක දවසේ ඔකෙස්ට්රා එක අවසන් පාට් එක විදිහට කරපු ප්ලේ එක මෙනුවා සුපිරියටම කරා. නිලක්ශගේ වොලිබෝල් ටීම් එකත් ගොඩක් චාන්සස් වල ඉස්කෝලෙට වින් එක අරන් දුන්නා. නෙතුවගේ බෑන්ඩ් එක මිහීගෙ පාර්ලිමන්ට් රෝල් එක එහෙම එයාලා හොදටම කරා.
YOU ARE READING
කණාමැදිරි එළි
Non-Fiction" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-