CHAPTER 16

746 41 2
                                    

" දැන් අපි ඕක අමතක කරලා මේක කමු. අම්මා අද උබලටත් එක්ක ලන්ච්ශීට් එකකම බෙදල දුන්නා." මිහී කෑම එක දිග අරින ගමන් කිව්වා.

" ඈ බන් ලන්ච්ශීට් තහනම්නේ?" මෙනුවා ඇහුවා.

" අපි මේවා ඉස්කෝලෙ දාල යන්නෙ නෑනෙ බන්. ඒ හින්දා අවුලක් නෑනෙ."

" වරෙන් වරෙන් කන්න. යෙතු එන්න කන්න." නෙතු මටත් කතා කරාම මන් ඩෙස්ක් එක ලගට ගියා.

" මොනා තියෙන්නෙ බන්. දැන් නම් බඩ පැලෙන්න කන්න පුලුවන්." චනා පුටුවක් එහාට කරන ගමන් කිව්වා.

" උබ ඉස්සෙල්ලත් කාල නේ හිටියේ. ඔය බඩේ ඔච්චර ඉඩ තියෙනවද බන්?" මෙනුව ඇහුවා.

" අපි එල කොල්ලොනෙ බන් හොදට කන්න ඕනි. ඊලග මාසෙ මැච් එකක්."

" ආ ඒකටද අර සිහින අයියා එන්න කිව්වෙ?"

" ඔව්, බෝයිස් එකත් එක්ක තියෙන්නෙ. ඇයිද මන්දා මුන්ට එක සැරේට අපිව මතක් වෙලා තියෙන්නෙ."

" ම්ම් රයිස් එකක් තියෙන්නෙ. එනවා කන්න කියවන්නෙ නැතුව." මිහී කතා කරා.

" ආ මේ නිලක්ශ ආවලුනේ." නෙතු ඇහුවා.

" ඔව් ඔව්. අපෙ පෝලිමට පිටිපස්සෙ.එක්කෙනෙක්ගේ මූන බලන්න තිබ්බෙ අබ ඇටයක් දැම්මොත් පුපුරන සයිස්." මන් මෙනුව දිහා බලන් කිව්වා.

" කලින් විදියමද බන්?"

" ම්ම්ම් ටිකක් උස ගිහින්. ෆේස්කට් එක පොඩ්ඩක් වෙනස් වෙලා එච්චරයි."

" දකින්නත් ආසයි." මිහී කෑම එක අනන ගමන් කිව්වා.

" ඔව් ඔව්. උබට පෙන්නයි දිනාල් අයියා." චනා බත් කටක් කටට දාගන්න ගමන් කිව්වා.

" එයි බන් මේ පැත්තට පස්සෙ. යද්දි හරි බලන්න බැරියැ." මන් කිව්වා.

" මේ ඇත්තටම ඌ කිව්වෙ නැද්ද මෙනුට ඇයි ගැහුවේ කියලා." නෙතූ ඇහුවා.

" නෑ බන්. ඇහුවා ඇහුවා කිව්වෙ නෑ. ඒ දවස් වල කොහොමත් ඌ යන්න හිටිය නිසා ආයෙ පස්සෙන් පන්නන්න ගියෙත් නෑ කට්ටිය." චනා කිව්වා.

" අනේ ඔය බූරු පුතා නිසා මන් සතියක් හොස්පිටල්. මොන තරහක්ද මන්දා උට තියෙන්නෙ මන් එක්ක." මෙනුව කෑම එක අනන ගමන්ම කිව්වා.

කණාමැදිරි එළිWhere stories live. Discover now