හවස් වෙලා කිරිඅම්මා ගෙදර ආවෙ කැවුම් පාර්සලේකුත් අතේ තියාගෙන. අයියා නම් ටිකකට කලින් නැගිටලා ගියේ නාන්න ඕනි කියලා.
" සුදු දෝනි, හෙට ඉස්කෝලෙනෙ. මන් කුසුම් නැන්දගෙ ගෙදරට ගිහින් එන්නම්. එහෙත් ලොකු නෑයෙක් කියලා නෑනෙ. ඒ කෙල්ල මට එන්න කිව්වම නොගිහිනුත් බෑනෙ. අයියත් එක්කන් යන්නම් නේ. පිරිමි පරානෙකුත් ඉන්න එපැයි."
" ඔව්නේ කිරි අම්මා. අයියත් එයි. කොහොමත් ඔය එන මනමාලයත් අයියව දන්නවා."
" ඒ කොහොමද දෝනි?"
" ඔයාට මතකද තේමිය අයියා. අර අපෙ පොඩි අයියලා එක්ක ආවෙ වෙලාවකට මෙහේ."
" අර උස හීන්දෑරි කොලුවා."
" ඔව් ඔව් එයා තමා. පොඩි අයියලත් එයි කියන්නෙ එයාල එක්ක."
" ඒ කොල්ලාගෙ නම් වරදක් නෑනෙ දෝනි."
" දැන් කාගෙද වරදක් නැත්තෙ." අයියා තුවයත් කරේ දාන් ඇවිත් පුටුවෙන් වාඩිඋනා.
" නෑ ලොකු පුතා, අර කෙල්ලව බලන්න එන ලමයා කියන්නෙ හැබෑවද?"
" ආහ් ඔව් කිරිඅම්මා තේමිය අයියා තමා."
" මේ පුතා ඔයත් යන් හොදේ මාත් එක්ක කෙල්ලගෙ පැත්තට හොදද?"
" හෙටනේ. හා යන්කෝ. අක්කත් පව්නේ. ලොකු අයියා පොඩි අයියා දෙන්නත් එනවලු එයාල එක්ක."
" හ්ම්ම්. මෙහෙටත් එන්න කියන්න එහෙනම්. කාලෙකින් ආවෙත් නෑනෙ." කිරිඅම්ම එහෙම කියලා කුසියට ගියා තේ හදන්න.
" දෝනි නෝට් ලිව්වද?"
" අප්පෝ ඔව් ඒ ටික ඉවර කරා. නැත්නම් බෑ."
" ම්ම් ඒක හොදයි. ඕව ගොඩ ගහගන්න එපා. ආහ් මෙ දෝනි වැඩක්ද?"
" නෑ අයියා ඇයි?"
" අපි කල්පනී ටීචගේ ගෙදර යන්. ටීච මෙහෙට ආවත් හරි මට යන්න බැරි උනානෙ."
" හ්ම්ම් යන් ගිහින් එමු එහෙනම්. මන් කිරිඅම්මට තේ හදන්න එපා කියන්නම්. එයාත් ඇගහොදගන්න එපැයි."
" මන් එහෙනම් ඇදුමක් දාන් එන්නම්."
අයියා උඩට ගියාට පස්සෙ මන් කුසියට ගියේ කිරි අම්මට තේ හදන්න එපා කියන්න. එයාටත් කියලා අපි දෙන්නා එලියට ආවා. අයියා ටීචට හරි ආදරෙයි. ලොකු වෙලත් ටීචර්ව දැක්ක තැන කතා කරනවා. අයියා පොඩි ගිෆ්ට් බෑග් එක්කුත් ඇරන් ඇවිත් තිබ්බා. මට නම් ඉතිම් ඇදුම් මාරු කරගන්න ඕනි නෑ. කහ පාට ලූස් ට්‍රවුසර් එක්කට රෝස පාට මූස් ටී ශර්ට් එකක් ඇදන් හිටියේ මන්. කොන්ඩෙත් බූලක් දාල තිබ්බ නිසා ලොකු අවුලක් නෑ.
YOU ARE READING
කණාමැදිරි එළි
Non-Fiction" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-