CHAPTER 74

153 13 5
                                    

" අපි යමුද එහෙනම්?"

" තෙනූශ මන් නිලක්ශ එක්ක මගෙ කා එකේ එන්නම්. මට බෑ බන් ඔය ප්‍රේම කුරුල්ලො පෙම් කරනවා බලන්න."

" ඔව් අයියා. ඔයාලා යන්න මේ තනිකඩ හිත් තලන්නෙ නැතුව."

" හරි එහෙනම්. නිලක්ශ මේඝට පාර කියන්න. අපි යමු යෙතුනි."

අපි යනවා තෙනූශ අයියගෙ අම්මා බලන්න. කැම්පස් එකේ සතියක් තිස්සෙ වැඩ කරලා අහු උන පළවෙනි සෙනසුරාදාම අපි බණ්ඩාරවෙල යන්න දාගත්තේ මගේ බර බරේ හින්දම තමා. අපි එහෙ යනවා කිව්වම මේඝ අයියත් එන්න ඕනි කිව්වෙ නිලක්ශටත් එයාගෙ නැන්දව බලන්න යන්න ඕනි කියද්දි. චනා මූණ ඇඹුල් කරන් හිටියෙ උට අද කැම්පස් එකේ මොකක්ද වැඩක් වැටිලා තියෙද්දි. කමක් නෑ සේමින්දි බැන බැන හරි උයලා දෙයි. ඒ නැත්තන් චනා සිහින අයියා ගාවට හරි කේශව අයියා ළගට හරි යයි. හැබැයි මන් හිතන්නෙ නෑ එහෙම වෙයි කියලා. චනා සේමින්දි නන්ගි එක්ක ඉදී. මන් නෝමල් ලෝන්ග් ස්ලීව් ගවුමක් ඇන්දේ තෙනූශ අයියා කා එකේ යමු කිව්ව නිසා. සැහැල්ලුවෙන් යන්න ඕනි. ටිකක් දුර යන්න එපැයි. මන් කොළඹ ආවට පස්සෙ ගෙදර යන එක අඩුම උනෙ මේ දුර කතාව නිසා තමා. අප්පච්චි හරි අයියා හරි ආවොත් තමා මන් ගොඩක් වෙලාවට ගෙදර ගියේ.

" ඔයා කා එකක් රෙන්ට් කරාද අයියා?"

" නෑ යෙතුනි මේක ඔෆිස් කා එකක්. මන් ගත්තා."

" හ්ම්... අර දෙන්නටත් අපි එක්කම එන්න පුලුවන්නෙ. හෙණ බොරු වැඩක්නේ ඒක."

තෙනූශ අයියා මන් දිහා බලලා හිනාවෙලා කා එකට නැග්ගෙ වෙන කියන්න දෙයක් නෑ වගේ. මාත් සිවික් කා එකේ පැසෙන්ජර් ශීට් එකට නැගලා සීට් බෙල්ට් දාගත්තම තෙනූශ අයියා කා එක පාරට දැම්මා.

" දැන් ඔයාට කොහොමද යෙතුනි?"

" අහ්...?"

" මන් අහන්නෙ කා එකේ යන එක. ලොකු අවුලක් නෑ නේද?"

" එහෙම නෑ අයියා. පොඩි ඔලුව කැක්කුමක් එනවා. හිටිගමන් පොඩ්ඩක් මතක් වෙනවා එක එක ඒවා. ඒ උනාට එහෙම කරදර වෙන්න තරම් දෙයක් නෑ. තෑන්ක්ස් අයියා."

" ඒ මොකටද?"

" මේ බය අඩු කරාට. මන් එදයින් පස්සෙ කාර් වල ඕනි වෙලාවක බය නැතුව ගියේ ඔයා නිසා."

කණාමැදිරි එළිWhere stories live. Discover now