CHAPTER 66

156 11 11
                                    

මන් නෙතූ එක්ක උයන්න බඩු ටිකත් අරන් වීල් එකක අයියගෙ ගෙදරට ආවා. වාහ්... ඒක හරි ලස්සනයි අනේ. ගේට් එක ඇරන් ඇතුළට එද්දිම තියෙන්නෙ පොඩි ගාඩන් එකක්. අම්මි කැමති මල් වර්ග ගොඩකින් ඒක පිරිලා තිබ්බා. වැඩිපුරම ජර්බෙරා මල්. ඩේසි, ඩේලියා, රෝස, ස්විස් චීස් පැළ, කපුරු, බෝගන්විලා එකී මෙකී නොකී මල් වර්ග ගොඩයි. නෙතූ යතුර දාලා දොර අරින්න හැදුවත් දොර නිකන්ම ඇරුනා. මන් සයිඩ් එක බලද්දි තමා දැක්කෙ අයියගෙ බයික් එක.

" අයියා ගෙදර වගේ නේ නෙතු?"

" හ්ම්ම් ඔව්නේ. වෙනදට මේ වෙලාවට ගෙදර නෑ."

" දැන්ම උයන්න ඕනි නෑනෙ බන්. මටත් බඩගිනි නෑ."

" ඔව් බන්. තේ එකක් බොමු. අයියටත් එක්ක හදන්නම් මන්. බෑග් එක උඩ අයිනේ කාමරෙන් තියලා එන්න."

" අහ් මේ. මොන කාමරේද අයියා ඉන්නෙ?"

" උඩට යද්දිම තියෙන පළවෙනි කාමරේ."

" මන් එයාව බලලා එන්නම්කො. උබත් වොශ් එකක් දාගනින්. පස්සෙ තේ බොමු."

" ඕකෙ."

මන් බඩු බෑග් ටික මේසයක් උඩින් තියලා මගෙ බෑග් එකත් අරන් උඩට ආවා. පළවෙනි කාමරේ කියලනේ කිව්වෙ. දොරට තට්ටුවක් දැම්මත් නෝ ආන්සර්. කතා කරන්නත් හදලා නිදි නම් ඇහරවලා වැඩක් නැති නිසා මන් දොර ඇරියා. ඇරපු දොරින් ඔලුව දැම්මත් පේන්න නෑ. මන් කාමරේ ඇතුළට ආවෙ වොශ් රූම් එකේ ඉන්නවද බලන්න. සද්දයක් නෑනෙ. මේසෙ පිස්සිගෙ පලා මල්ල වගේ. ෆයිල්ස් කොළ කෑලි හැමතැනම. මේසෙ ලගට ගිහින් බලද්දි මගෙ ඇහ ගියේ තිබ්බ ෆොටෝස් වගේකට.

ඒ ඇක්සිඩන්ට් එකේ ෆොටෝස්. කා එක හැප්පිලා තියෙන විදිහ. වැදුන ට්‍රක් එකේ ෆොටෝස්. ඒ හැම එකක්ම තියෙනවා. මන් වෙව්ලන අතකින් එක ෆොටෝ එකක් ගත්තේ ඒකේ අම්මවයි මාවයි හොස්පිට්ල් ගෙනියන එකක් වෙද්දි. මේවා ඇයි මෙයා ගාව. මොකක්ද අයියා මේවා ආයෙ බලලා කරන්න යන්නෙ. අවුරුදු කීයක් පරණ ඒවද අනේ මේ. ඔක්කොම සීසිටීවි ෆොටෝජස් වගේ. පැහැදිලි නැති උනත් දැක්ක ගමන් මට ඒවා අදුන ගන්න පුලුවන්. මන් ඒ ෆොටෝ එක අල්ලගෙන ඒ දිහා බලන් හිටියේ මට මුකුත් දැනෙන්නෙ නැති වෙද්දි. මට ආව සිගරට් ගදත් එක්ක මන් බැලුවෙ බැල්කනි එක දිහා. එයා එතනද?

කණාමැදිරි එළිWhere stories live. Discover now