CHAPTER 13

884 42 5
                                    

උදේම නැගිටලා මෙනුවත් එක්ක බස් එකේම ඉස්කෝලෙ ගියේ බැජ් පලදලා පලවෙනි දවසනේ කියලා හිතන්. බෑග් ප්‍රිෆෙක්ට් රූම් එකෙන් තියලා සයින් කරලා එහෙන්ම ගියේ ගේට් එක ලගට එතනනේ අපිට ඩියුටි. පොඩි උන්ගේ රැවිලි එරවිලි අස්සේ ගවුමුයි බෑගුයි කොන්ඩෙයි චෙක් කර කර යවන්න ඕනි.

" කෝ බන් අපේ උන් නැද්ද?" අපේ මොකෙක්වත් වටේ හිටපු නැති නිසා මන් ඇහුවේ.

" මැත්ස් එකේ උන්ව යවන්න ඇති බන් ක්ලාස් චෙක් කරන්න. අපිට මේ කරදරේ කඩාපාත් උනාට."

" ඔව්නේ. මේ උබත් දැනන් හිටියද බන් අපේ කල්පනී ආන්ටිලගේ ගෙදර ඉන්නෙ තෙනූශ අයියා කියලා."

" පිස්සුද බන්. අරුන් සෙට් එකම ඉන්නවා කියලා දන්නවනම් මන් එන්නෙත් නෑ." මෙනුවා මට රැව්වා.

" හරි බන් ඉතිම්. මන් දැනන් හිටියෙත් නෑනෙ. අයියලත් එක්ක මට නිකන් තනියෙන් ඉන්න බෑ හිතුන නිසා උබට කතා කරේ."

" කස්ටිය, ගූඩ් උදෑසනක් වේවා." චනා කොහෙන්ද කඩාපාත් උනා.

" ගුඩ් මෝනිම්." අපි දෙන්නම කිව්වා.

" මේ බන් අර කලු අවතාරේ...." මන් මතක් කරා.

" මොන... ආ අර එහා පැත්තෙ ගෙදර."

" ඔව්. කව්ද දන්නවද ඒ?"

"කවුරු...???"

" තෙනූශ අයියා"

" මොකක්!!!!!"

" ඔව් බන්."

" එතකොට අර බයික් එක උගෙද?"

යකෝ මෙච්චර කියලත් මුට සෙට් උනේ අර කලු බයික් එක ද.

" ඔව් ඔව් උගේ තමා."

" ඒ මරුනේ බන් ඉල්ලගන්න බැරිවෙයිද දන්නෙ නෑනෙ."

" අහල බලපන් මන් දන්නෙ නෑ. සිහින අයියටත් තියෙනවා එකේම නිල් එක මන් හිතන්නෙ."

" අඩේ නෑ."

" නෑ නෙවේ ඔව්. මේ මෙනුව ඒකෙ ගියා ඊයෙ."

" ඒ ඇත්තද බන්."

" ඔව් බන්. බයික් එකේ නම් වරදක් නෑ. අයිතිකාරයා තමා අවුල."

" ඒ මොකො බන්" දැන් නම් මටයි චනාටයි දෙන්නටම කුතුහලේ.

" සිහින අයියා නිකන් බන් මාත් එක්ක ගහගන්න වගේ නෙ කතා කරන්නෙ. ඊයෙ මන් කතා කරේ නෑ කියලා බැනලා ගියා. දැන් ටික්කට කලින් මන් මනුස්සකමට ගුඩ් මෝනින් කිව්වා. මේ යකා ඔරවන් ගියා. මහ පඩේ ලයින් තියෙන්නෙ උගෙත්."

කණාමැදිරි එළිWhere stories live. Discover now