කොහොමද හැමෝටම. මන් හිතුවා මුලින්ම මේ කතාවේ ඉන්න characters ඔයාලට අදුන්වා දෙන්න. මොකද මේකෙ චරිත ගොඩක් වගේම එයාලගෙ කතා ගොඩක් තියෙන නිසා.
පිස්සෝ පහ
01.යෙතුනි සිදස්නා ආරියවංශ
කෙලින්ම කිව්වොත් දොස්තර දියණියක්. 1 ඉදන් කට්ට කාපු ඉස්කෝලෙම bio වලින් A/L කරන්න ආපු අලුත් බැජ් එකේ කෙල්ලෙක්. යාලුවොන්ට පණ ඇරලා. හොද chess player කෙනෙක්.02.මෙනුශ්ක දෙව්ශාන් ද සිල්වා
යෙතුනිගේ උපතේ සිට එකට සිටින සදා පිවිතුරු මිත්‍ර පරාණය. වෙන අය ඉස්සරහ වැඩිය කතා නැති යාලුවො එක්ක ඉද්දි විතරක් open වෙන ලස්සන හිතක් තියෙන කොල්ලෙක්.
යෙතුනි වගේම bio කරන මොල ගෙනාපු නැවක් ඉතිම්.03.මිහින්සි සසිත්මා රන්දෙණිය
set එකේ ප්‍රේම කතාවක් මුලින්ම ලියාගත්ත කෙල්ල. 6 දි සෙට් උන පාර මැරිලත් පැයක් යාලුවොත් එක්ක ඉන්නම් කියන කෙනෙක්. maths වලින් උ.පෙ ලියන්න තමා ඉන්නෙ. කොට ජීවිත තමා මේවා.04.නෙතුනි දිනෝත්මා දිසානායක
drama එකෙන් drama එකට හිතේ ඉන්න crush එක වෙනස් වෙන, drama කාල වතුර බීපු කෙල්ලෙක්. මිහි වගේම maths කරන තවත් එක් මොල නැවක්. වර්තමානයේ නම් love අරහන් මන් මනරම් type එකේ ඉන්නෙ.05.චනාර්ග දෙව්සිත් ජයරත්න.
Business ලොක්කෙක්ගේ commerce දරුවෙක්. පවුලේ බාලයගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරන පුත්‍ර රත්නයක්. වලි කොක්කක් වගේම වගකීම් සහගතයි හැබැයි. සා.පෙන් පස්සේ වෙනම ගියත් තාම නැටි ටික හොයන් එන චරිතයක්.The three musketeers
01. තෙනූශ මින්දිනු සමරදිවාකර
ඉස්කෝලෙ වෙන්න HP( ආරන්චි මාර්ග අනුව.) හරි අමුතු චරිතයක් ලෙස සියලුදෙනා අතර ප්‍රසිද්ධයි. ආයේ ඉතිම් දැනුම් ආකර තමා මේ. පාසලේ වොලිබෝල් කැප්ටන් අයියා තමා මේ. maths නේ කරන්නේ.ඔව් අයියා තමා. පිස්සොන්ට වඩා අවුරුද්දක් වැඩිමල්.02. දිනාල් ශනාර්ග ඇබුල්දෙනිය
යාලුවා වගේම maths වලට ආ වසරේ හොදම යහලුවාට හිමි සම්මානය වෙනුවෙන් nominate වෙන්න සුදුසු කෙනෙක්. ඉස්කෝලෙ කැඩෙට් සාජන් පට්ටම දරන ඉතා ගෞරවනීය චරිතයක් කීවොත් මා නිවැරදියි. පාසලේ සිහින කුමාරයෙක් තමා ඉතිම්.03.සිහින ඇරයුම් සූරියබන්ඩාර
බාහිර වැඩ වගේම පාසල් වැඩත් මන් සමබරව කරගෙන ගියා කියලා කවදහරි ආඩම්බරෙන් කියන්න පුලුවන් කොල්ලෙක්. maths කොල්ලෙක්. නිදහස උපරිමෙන් විදින business දරුවෙක්. පාසලේ වෙන්න cricket captain තමා මෙයා.ඉතිම් මගේ දරුවනේ මෙයාල තමා අපේ පාසල් කාන්ඩෙට අයිතිවෙන සෙට් එක. බය වෙන්න එපා. තව කස්ටිය ගොඩක් ඉන්නවා හොදේ කතාවට enter වෙන්න. ඔයාලට කැමති විදිහට මෙයාලව imagine කරගන්න. I won't give any further description about them, cuz I am gonna introduce them in many aspects during the story. Hope u won't mind it. මන් හිතනවා මේ intro එකෙන් ඔයාලට චරිත ටික ගැන පොඩි අවබෝධයක් එන්න ඇති කියලා.
Hope u guys will enjoy this story. Let's go on a beautiful journey with many fireflies along the way.
ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ශෙයා කරන්න. එහෙනම් පලවෙනි චැපෙන් හම්බවෙමු.👏☺️
YOU ARE READING
කණාමැදිරි එළි
Nonfiksi" වැස්ස හැමවෙලේම ආවෙ එයාට අයිති වගේම එයා කැමති තැනට." - තෙනූශ මින්දිනු සමරදිවාකර- " මන් හැමවෙලේම ඉන්නෙ මන් අයිති තැන වගේම මන් කැමති තැන." - යෙතුනි සිදස්නා ආරියවංශ-