විහාධීෂ 3

1.4K 277 57
                                    


විහා_ධීෂ

හේෂව හට මැදුරේ වැඩකටයුතු වලට අමතරව දැන් තවත් රාජකාරී කීපයක්ම අමුතුවෙන් පැවරී ඇත... කොතෙක් බැලමෙහෙ කළා වුවද, කෙදිනද ඔහු අසුන් බලාගත්තේ...? වසුරු සෝදාහැර ඉස්තාලය පිරිසිඳු කළේ...??

ඔහු ඕනෑවට එපාවට විහාධ්‍ය කුමරු හා පැමිණි අනෙක් කුමාරවරුන්ගේ අසුන්හට ධාන්‍ය ලබාදී අවුත් විහාධ්‍ය කුමරුගේ තේජාන්විත අසු අසල නැවතුණේය...

ඉදින් අනුර කුමරුගේ පුත් කුමරාගේ පමණක් නොව පුත් කුමරුගේ කාල වර්ණ අශ්වයාගේද කටයුතු ඔහුට පැවරී ඇත... අසු පිරිසිඳු කළ යුතුය, කෑමට ධාන්‍ය ලබාදිය යුතුය, වසුරු ඉවත් කළ යුතුය... ඉස්තාලය ශුද්ධ පවිත්‍ර කළ යුතුය... දැන් නම් නිදහසේ හුස්මක් හෝ ගන්නට ඉඩක් නොමැති සෙයකි... මේ සියල්ල අතරතුර සුධිරා දේවීගෙන් අක්ෂර උගැනීමටද යා යුතුය... ඔහුගේ හිසරදය උත්සන්න වී පිරිසිඳු කරමින් සිටි අසු හට සියලු තරහා එකට කැටිකර තදින් පා පහරක් ගැසුවේය... මනුෂ්‍යයෙකු හට ඉවසිය හැකි සීමාවක් තිබේනේ...???

"නුඹ කාලවර්ණ අඟුරු පර්වතය...! කිමද හඬ තලන්නේ...?? නුඹේ මහා ලොකු ස්වාමියාට ගොස් පවසනු මා ඔහුට බිය නොවන වග...!! වැටහුණාද...?? ඉදින් ගොස් පවසනු...!!" 

ඔහු තවත් පා පහරක් අසු වෙත එල්ල කළේය... අසු නැවතත් මහා හඬින් කෑගසන්නට විය... වැරදීමකින් හෝ ඔහුව ගැටගසා තිබුණු තැනින් අසු ලෙහාගත්තේ නම්, හේෂවට ගැලවීම පහසු නොවනු ඇත. ඔහු නොදැන සිටියාට, විහාධ්‍ය කුමරුගේ කාල වර්ණ අඟුරු පර්වතය සිය ස්වාමියාට පමණක් හිස නවන්නෙකි... නොඑසේ නම් කියතොත් විහාධ්‍ය කුමරුන් සේම අහංකාරයෙකි... බල වන්තයෙකි...

හේෂවගේ පසින් නම් මෙය එතරම් සංකීර්ණ නැත... අනෙක නම් ලද අවස්ථාවෙන් පලිය ගත යුතුය...

කෙසේ වුවත් අශ්ව ඉස්තාලය මැදුරට සැලකිය යුතු දුරකින් පිහිටා තිබීමත්, මැදුරේ උත්සවශ්‍රීයෙන් සිදුකෙරෙන කටයුතු නිසාත් අසුගේ හඬතැලීම නම් කිසිවෙකුට වගක් නොවන බැව් ඔහු දන්නේය... අනෙක ඔවුන්ගේ විහාධ්‍ය කුමරු දස වසරකින් මැදුරට පැමිණ තිබියදී, මෙහි අසෙකු හඬතැලුවා කියා එය සොයා එන්නේ කවරෙක්ද?

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now