විහාධීෂ 77

390 100 13
                                    

විහා_ධීෂ

සිවමැදුරේ අටපෙතියා කුසුම් යාය  බොහෝ කලකට පෙර දුටුවා සේමය... වනයෙන් වටවුණු මහා මැදුරේ  නිසොල්මන් බවත්, පාලු ස්වභාවයත් මදකුදු වෙනස් වී නොමැත... භද්‍රට ඇති බිය නිසා දාසයෙකු පවා මැදුර පෙනෙන මානයට පැමිණෙන්නේ කලාතුරකිනි... ඒ සියල්ලටම වඩා දවටගස පාමුල වූ ශෛලමය ආසනයක හිඳගත් විහාධ්‍ය කුමරු හා පර්ණිතා දේවියගේ කතබහ සැතපීමට ගයනා ගීයක් වැනිය... එතරම් උදාසීනය... අරුත් විරහිතය... අගක් මුලක් ගලපාගන්නටද නොහැක...

"කෙදින පටන්ද විහාධ්‍ය නුඹ හෙරලිය ප්‍රිය  කරන්නේ...? මේ මුග්ධයා මුසානේ පවසන්නේ...?"

"ආහ්හ් පර්ණිතා දේවියට කුමටද සුධිරාගේ සුවදුක්...? කම්නොවේ කම්නොවේ... විවාහ වූ නිසා වන්නට ඇති"

"ආහ්හ් අටපෙතියා සිටුවන්නට ඇවැසියි නුඹට...? කවර විගඩමක්ද මේ...? මෙයටද දුර කතර ගෙවාගෙන පමිණියේ...?"

වරින් වර නුවිධීෂයන් දෙස හොරැහින් බලමින් දෙදෙනාම මොනවාදෝ දොඩන්නට විය... තමා බාධාවක් කියා අවසන්නට නොහැකිව තතනනවා සේයි...

"ම්ම්ම්හ්... නුඹ දෙදෙනා මේ කුමටද සොරගල් අහුලන්නේ...? මේ මාව යවාගැනීමටද...? අහෝ... කම්නොවේ කම්නොවේ...! රහසිගත සාකච්ඡාවක් සේයි... යන්නම් ඉදින්... නුඹ මට හසුවනුකෝ විහාධ්‍ය...!!"

පෙරදින පර්ණිතා දේවියගෙන් හසුනක් ලැබුණාට පසු, විහාධ්‍ය කුමරු හිඳියේ බොහෝ නොසන්සුන්ව බැව් නුවිධීෂයන් දුටුවේය... පසුදින මාලිගයට යන්නට සිතා සිටියද, එය අමතක වූවාක් මෙන් මෙහි පැමිණීමට සූදානම් වූයේය... ඉදින් අරුමයක් නොවේද...? භද්‍ර හිඳිනා ඉසව්වකට හෝ යාම නුරුස්නා පුද්ගලයා, මහා ඕනෑකමින් සිවමැදුරට ආවේය... නුවිධීෂයන්ද කිසිවක් නොහැඟුණා සේ සොර අල්වන්නට සිතාගෙන නිහඬවම හිඳියේය...

වෝහීෂ්‍යව සිය සොයුරාගේ මැදුරට ඇරලවා, කෙසේ හෝ හිරු අවරට යන්නට මත්තෙන් සිව මැදුරට පැමිණෙන්නට හැකිවිය... රජුගේ ඇරයුමක් නිසාවෙන් මාලිගයට ගිය භද්‍ර, ඒවන විටත් නැවත පැමිණ තිබුණේ නැත... නුවිධීෂයන්ට නම් එය අරුමයක් වුවත් විහාධ්‍යගේ මුහුණින් නම් එවැන්නක් නොපෙනුනි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now