විහාධීෂ 75

419 89 70
                                    

විහා_ධීෂ

සේරු නදී ඉවුරට වී දුශාලා බලාහිඳියේ හෝරාවක්, දෙහෝරාවක් නොවේ... සියල්ලටම වඩා.. දහවල , සැතපුම් ගණාවක් ඇවිද, කාලහරිත වනයේ සිට නදී තෙර තෙක් තවත් සැතපුම් ගණනාවක් අවුත්, ඈ හුන්නේ බොහෝ හෙම්බත් වීය... වනයේ වූ දිය කඩිත්තත්, සේරු නදියත් හැරෙන්නට ඇගේ කුස පුරවන්නට සානුකම්පිත වූ කිසිවකු නොවුණි... ඉදින් කදුරු ගසක් මුල හිඳගෙන, රිදුම් දෙන දෙපා පිරිමදිමින් පහළ ඉවුර දෙස බලාහිඳින්නට වූවාය...

වෝහීෂ්‍ය පැවසූ කාර්‍යය නිමකරන්නට ඇයට තවත් ඉතිරිව තිබෙනුයේ එක් දිනක් පමණි... එනිසාවෙන් වෝහීෂ්‍ය අද පැමිණිය යුතුමය... එයටත් වඩා... දුශලාගේ සන්තාපය වඩවා ගැනීමට හෝ ඇයට ඒ මුහුණ මොහොතකට හෝ දැකීමට ඇවැසි විය... ඉදින් ඒ රුව ප්‍රමාදවන මොහොතක් පාසාම, ඇගේ ළයෙහි ඇමිණෙනා කිණිසි තුඩවල් ගණන එකින් එක වැඩිවන්නට විය...

කදුරු පත් වල නටු යන්තමින් පෙනෙන්නට ගන්නා තුරුත්, වෝහීෂ්‍යගේ සේයාවක් හෝ නොවේ පෙනෙන්නට වූයේ... ඈ තවත් බලාහිඳියාය... ඉහළ ඉවුරෙන් හෝ පහළ ඉවුරෙක් කවරෙක් හෝ මතුවේ කියා බියෙන් බලාහිඳින්නට වූවාය... නමුදු... වෝහීෂ්‍ය නම් නොවේ එහි පැමිණියේ... ඉදින්... ආදෙසටම හැරී යනු විනා දුශාලා අන් කුමක් කරන්නද...? කෙසේ හෝ, අරුණ නැගීමට පෙරාතුව නැවත එහි යායුතුය...

"වරක් හෝ පැමිණිය නොහැකියිද...?"
දුශාලාගේ සිත නිහඬවම වැළපෙන්නට විය... "මාත් උමතුවෙන්... එසේ සිතීමට පවා හිමිකමක් නොවේ මට... එතරම් පාපතර ක්‍රියාවක් සිදුකොටත්...!"

කදුරු වදුලෙන් පිටතට පැමිණි දුශාලා, ඉවුර දිගේ පියවර කිහිපයක් ඉහළට ගොස්, නැවත පසුපස හැරී බැලුවාය...

"වෝහීෂ්‍ය... බිය නොවනු නුඹ...! නුඹට හෝ නුඹේ කිසිවකුට නැවත උපද්‍රවයක් සිදුනොවනු ඇති... සියල්ල විසඳා නැවත මෙහි පැමිණෙන්නම්..."

හිරු රැස් පොළෝතලය සිප දෙහෝරාවක් පමණ ගතවද්දී, දුශාලා තුරු වදුල වෙත ගියේ මග දිගට වැටී තිබුණු ඇටඹ ගෙඩි කිහිපයක්ද අහුලාගෙනය... අරුණාධිගේ සැකයෙන් ගැලවීමට එය සෑහෙන බැව් ඈ දැන සිටියාය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now