විහා_ධීෂ
දුශාලා සයනයෙන් තබා, කුටියෙන් පිටත හුන් පර්ණිතා දේවියටද ඈ හදිසියේ සිහිසුන් වූ වග දන්වා නුවිධීෂයන් පිටතට පැමිණියේය... නමුදු ආලින්දයේ පෙර හිඳි කිසිවකු එහි පෙනෙන්නට නොවුණි... ඉදින් විහාධ්‍ය කුමරු හා එක්ව ඔහුට විසඳුම් සොයාගත යුතුව තිබූ ගැටලු බොහෝය... නමුදු තමා පැමිණෙනා තුරු නොහිඳ ඔහු කොහි හෝ ගොසින්ය...
"අරුමයක් නොවේ...! කොහිට හෝ වී භද්‍ර හා කලහා කරනවා ඇති...!!!"
නුවිධීෂ කුමරු ගොස් එහි වූ අසුනක හිඳගත්තේය... දවස පුරාම සිදුවූ සිදුවීම් වලින් ඔහු හෙම්බත් වී හිඳියේය... එක් ගැටලුවක නිමාවක් තබා විසඳෙනා සේයාවක් පෙනෙනටත් කලියෙන් අනෙක් තවත් කුමක් හෝ ගැටලුවක් මැවේ...
පළමුව කොහිදෝ යන මහල්ලෙක් විගඩමක් සිදුකොට විහාධ්‍ය කුමරුන්ව කෝපගන්වා එහි කලබලයක් ඇති කළේය... ඉදින් දැනටත් නුදුරේදීම දෙකුමරුවන් මිය යන බවට අනාවැකියක් පළ වූ බවට වූ පුවතක් මුවින් මුව පැතිරෙමින් යන බවට සැකයක් නැත...
දෙවනුව මිලෝථ සේනාධිපති... කොහිදෝ නැති දියණියක් පිළිබඳ දොඩවා ඔවුන්ට රාත්‍රියේම මාලිගයට ගෙන්වාගන්නට සැලැස්වූයේය... අවසන ඔහුගෙන් විමසන්නට ගිය කල, වදනකුදු නොපවසා පහසුවෙන් ගැලවී ගියේය... ඉදින් ඔහු මැවූ ගැටලු වලට ඔවුන් විසඳුම් සෙවිය යුතුය...
සියල්ලටම පසු, ඔහු පැවසූ අනෙක් දියණිය දහසය වියැති අවිහිංසක යුවතියකගෙන් සිය පහත් ආශාවන් සපුරාගෙන ඇයට ඉතිරි කළ කිරිකැටියෙක්...! එවිට ඔවුන් කලබල වූයේ කොහිවත් නොමැති කරුණකටයි...
තෙවනුව දුශාලා... ඈට වෝහීෂ්‍යව දකින්නටත් ඇවැසියි... ඉදින් ඔහු නොමැති නිසා හෝරා ගණනක් ඉකිබිඳින්නටත් හැකියි... නමුදු සිදුවූයේ කුමක්ද කියා පවසන්නට නොහැකියි...
අවසන තමා අසරණයෙකු යැයි සිතා ඇත්තේ පාපතරයෙක් ගැන සේයි... ඉදින් වැරදීමකින් හෝ ඔහු තමා සිතනා තැනැත්තා වුවහොත්...? ඔහු අනාවැකියක් ලෙසට හැඟවූ දේ පුදුමයට කරුණක් නොවනු ඇත... නමුදු විහාධ්‍ය පවා...? ඉදින් ඒ අනුර නම්, ඔහු සිය පුත්‍රයාගේ දිවි තොර කරන්නට දෙවරක් නොසිතනා සේයි...
VOUS LISEZ
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Fiction Historiqueවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.