විහා_ධීෂසිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකිවූ කල්හි පිටිය වටා රැස්ව හුන් දහස් සංඛ්‍යාත ජනයා විහාධ්‍ය කුමරුන් වෙනුවෙන් නගමින් සිටි ඔල්වරසන් නවතාලමින් එක් ක්ෂණයකින් නිහඬ විය... එය කෙතරම්ද යත් වාලුකා පිරි කවාකාර පිටිය තුළ විහාධ්‍ය කුමරුන් වෙත ඇවිද යන්නාවූ නන්නාඳුනන පුද්ගලයාගේ පියවර හඬ සවන අසළින්ම ඇසෙන්නාක් මෙන් හැඟීමට තරම් ය... පිටියට තරමක් එපිටින් තැනූ වේදිකාව මත අසුන්ගෙන සිටින්නා වූ සුනීද්ව රජුත් ඔහුගේ දියණිවරු දෙදෙනාත් අවිශ්වාසය මුසුවූ බැල්මකින් පිටියේ හුන් ආගන්තුකයා දෙස නෙත් හෙලා සිටියහ...
ආගන්තුකයා කිසිදු පසුබෑමකින් තොරව විහාධ්‍ය කුමරුන් ඉදිරියට ඇවිද ගියේය... එහි බියක හෝ අවිශ්වාසයක සේයාවක්දු නොවීය... විහාධ්‍ය කුමරුන්ද හුන් තැනම සිට නොසෙල්වී දෑත් මිටිකරගෙන ඔහු පැමිණෙන පෙරමග බලාහිඳිනු පෙනේ...
නොහඳුනන පුද්ගලයාගේ අසිපත් කොපුවේ කැටයම් කොට තිබූ දෑ පිරික්සන්නෙකු හට ඔහු ශාක්‍රස පුරයෙන් පැමිණිවග පැවසීම නම් කිසිදු අයුරකින් අසීරු වන්නක් නම් නොවේ... ඔහුගේ හිසකෙස්ද බොහෝ සෙයින් කෙටිය... ඔහු විහාධ්‍ය කුමරුන් හට අභියෝග කිරීමට තරම් නිර්භය නම් කිමද මුහුණ ආවරණය කරගෙන සිටිනුයේ...??
සුනීද්ව රජු විසින් සටන ආරම්භ කරන්නට විධාන ලබාදෙන ලදි... තරඟ ආරම්භයට පෙර දෙදෙනාම අනෙකාට ආචාර කරනු ලැබීම සියල්ලෝම අනුගමනය කරන්නාවූ සම්මතයක් වුවද, එවන් කිසිවකින් තොරව ඇරඹුණු අසිපත් තල ද්විත්වයෙහි ගැටීමෙහි නම් කිසිදු විරාමයක් දක්නට නොවුණි... දෙදෙනාම එල්ල කරන්නාවූ සෑම ප්‍රහාරයකම ගැබ්වී ඇත්තේ මහත් ආවේගයක් වග බලාහිඳින්නකු හට පහසුවෙන්ම කිව හැකිය... අනෙක් තරඟ වට සියල්ලටම සාපේක්ෂව එය මහත් උද්වේගකර ස්වරූපයක් ගත්තේය... හිසට ඉහළින් මෙන්ම පතුල් මට්ටමින් හා අහඹු අයුරින් එල්ලකරන අසිපත් ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර දී දෙපසට වන ඇසිල්ලකින් අසිපත් අදෘශ්‍යමාන වන අයුරින් කරකවමින් නැවත පහරදෙන්නෝය... එහි වූයේ මිනිසුන් දෙදෙනකු නොවේ... එකිනෙකාව ගොදුරු සේ සලකමින් කඩාපනින්නාවූ කෙසරකු හා ව්‍යාඝ්‍රයකි... එය සටන් බිමක් නොව හුදෙක්ම සතුරු රජවරුන් දෙදෙනකු ද්වන්ධ සටනක යෙදෙන යුද්ධ භූමියක් සේ විය... හෝරාවකුත් ගතවූ කල්හි සටනේ නිමක් නම පෙනෙන මානයක හෝ නොවේ වූයේ... නිමක් නොමැතිව ඇසෙන්නාවූ අසිපත් හා පළිහ ගැටෙන හඬ විනා අන් කිසිදු හඬක් නගා සටනට බාධා කරන්නට කිසිවකු හට රිසි නොවන සේයි... විහාධ්‍ය කුමරුන් හට තරම් වන ප්‍රතිවාදියෙකු ලැබුණේ මෙවර බැව් සියල්ලෝම අවිවාදයෙන්ම පිළිගෙන තිබුණි... අන් සියලු තරඟකරුවන් පරාජය කිරීමට ඔහු හට මෙතරම් අපහසු වූයේ නැත...
KAMU SEDANG MEMBACA
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Fiksi Sejarahවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.