විහාධීෂ 73

400 91 32
                                    


විහා_ධීෂ

"වෝහීෂ්‍ය...!"

"අයියණ්ඩී..."

නුග වෘක්ෂය මුල ගැඹුරු කල්පනාවක හුන් වෝහීෂ්‍ය, ඒ තරහව පිරුණු හඬින් කලබලයෙන් නැගිටගත්තේය... ඔහුගේ ලිහී තිබුණු කෙස් වැටියත්, හැඳහුන් වස්ත්‍රත් තෙතබරිත වී තිබුණි... මැලවී, ඉදිමී තිබුණු විඩාබර මුහුණට ආයාසයෙන් සිනහවක් ගෙන තබන්නට හැකිවූයේ පියවර කිහිපයක් පමණයි... නුග වෘක්ෂයේ සෙවණින් මිදීමටත් ප්‍රථම, ඒ කුඩා ගැටවරයාගේ කර්ණය නුවිධීෂයන්ගේ ආංගුලයන්වල නිය අතරට සිරවන්නට විය...

"ආඅහ්හ්හ් අයියණ්ඩී... අතහරිනුකෝ... කිමද මේ...?"

'කිමද මේ..??? පෙරදින රැයෙහි කොහිද සිටියේ...? අද උදෑසන දන්නේ මා...! මැදුරේ ද්වාර හරින්නටත් කලියෙන් නුඹේ කුටිය හිස්...!!!'

"ආහ්හ්හ්... ඉදින්... මගේ හෝතඹුවා සිහිවුණානේ... ආහ්හ් අතහරිනුකෝ...!!! ඔතරම් කෝපගෙන කිමද මේ...? මේ මා නොදන්නා තැනක් නොවේනේ ඉදින්...!!!"

"රැයක් පහන් වනතුරු මෙහි වූවා කියාද පවසන්නේ...? හෝරා ගණනක් වැසි වැටුණා...! මා හට කීවානම් නොපැමිණී හිඳිනවාද මා...? පියාණන්ට හෝ පවසන්නට තිබුණා...!!!"

"ආහ්හ්... අයියණ්ඩී...  ඔය ඉදින් මා කර්ණය... ආහ්හ්... ගලවාගැනීමටද සැරසෙන්නේ...? කාලය ගතවනු දැනුනේ නැහැනේ... නැවත තනිව පැමිණෙන්නේ නැහැ... සත්‍යයි...! ආහ්හ්..."

'යන්තමින් සුවවූවා පමණයි...! බලනු නුඹ දෙස...! මුහුණ ඉදිමී...! දෑස් රත් පැහැ වී...!! දැන් කර්ණය ගලවා හස්තයට දෙනවා මා...!"

නුවිධීෂයන් කුමරු, ඔහු වෙත තරවටු බැල්මක් හෙලා තෙත් හිසකේ අවුල් කර දැමුවේය... මෑණියන් හා සොයුරා අහිමිව තනිවුණු ගැටවරයා තවත් රිදවන්නට ඔහුට සිත නොදුණි... වෝහීෂ්‍යද ‍රිදුම් දෙන කර්ණය පිරිමදිමින් හිසද බිමට නැඹුරු කරගෙන වරින් වර හොරැහින් බලන්නට වූයේ නුවිධීෂයන්ගේ තරහව ඔහුට අමතක කරදමමිනි...

"බලනු උදෑසනම...!!! දුශාලාත් අතුරුදන්...!"

"දුශාලා අක්කණ්ඩි...? කිමද මුළුතැන්ගෙයි නැතිද...?"

නුවිධීෂ කුමරු සුසුමක් හෙලා හිස දෙපසට සෙළවූයේය... "විහාධ්‍ය පිටවගියා කිහිපදෙනෙක් සමඟ ඈව සොයන්නට...! ඇගේත් කුමක් හෝ සොරයක් තිබෙනවා...!! සොරුන් වැහිවැහැලා දැන්..."

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Donde viven las historias. Descúbrelo ahora