විහාධීෂ 55

450 119 121
                                    

විහා_ධීෂ

භද්‍ර සමගින් මාළිගය දෙසට හූවක් තරම් දුරක් පැමිණියද, විහාධ්‍යගේ හෝ නවීශ්ධගේ සේයාවක් පෙනෙන මානයක නොවුණි... මිලෝථගේ සේනාවෙන් සැලකිය යුතු තරම් පිරිසක් ඒ වන විට මියගොස් තිබුණද, රජු හා අනෙකුත් ආරාධිතයන්ගේ ජීවිත නම් තවමත් අනතුරේ විය... ඒ වෙසෙසින්ම තවමත් හඳුනානොගත් පහරදෙන්නා හා පෙනෙන්නට නොවන දෙදෙනෙකු නිසාවෙන්ය... රාජකීය සෙබලුන් අතුරින් යාමට මගක් පාදාගත් භද්‍ර, නුවිධීෂයන්ද රැගෙන සම්භාෂණ ශාලාව වෙත ඇතුළු වීමට තිබුණු කෙටි මගකින් මාලිගය තුළට ඇතුළු විය...

"මදකට ඔතැනින් තබනු මා...!!!"

පටු මග ඔස්සේ පියවර කිහිපයක් ඇතුළට ගිය පසු භද්‍ර නුවිධීෂයන්ව බිත්තියක් අසළින් හිඳුවා ගොස් සැරසිලි අතර තිබූ ලෝහමය දඬු කිහිපයක් සොයාගෙන ආවේය...

"දැනට නම් මාළිගය ආරක්ෂිතයි...!" ඔහු නුවිධීෂයන් අසළ හිඳගනිමින් පැවසුවේය...

"එවිට අර ධනුර්ධරයා...???" වේදනා දෙන පාදය දෑතින්ම තදින් අල්වාගෙන භද්‍ර එහි වූ වෙළුම ලිහා දමන අයුරු බලාහිඳින්නට විය...

"එය තමා ගැටලුව...!! මාළිගය තුළින්ම සහයක් තිබෙන සේයි...! කවරෙක් වියහැකිද...??"

"අරුණාධි නැවත පැමිණුනාද..?? එසේම අනුර..? කිමද පෙනෙන්නට වත් නැත්තේ...??"

"අරුණාධි පැමිණියත් අනුරට මෙහි ඇතුළු විය නොහැකියිනේ... ඒ ඈම වන්නටත් හැකියි ඉදින්...!!" භද්‍රගේ හඬින් රළු බව මදකට ඉවත්ව ගොස්ය... ඔහු කුමක් පැවසූවත් ඒ දෑත් නම් බොහෝ ප්‍රවේශම් වනු පෙනෙන්නට විය...

භද්‍ර බරැති සුසුමක් හෙලා නුවිධීෂයන්ගේ පාදය වෙළා අවසන් කළේය...

"භද්‍ර..??? කිමද මේ...?? කුමක්ද සිදුවන්නේ...?? නුවිධීෂ කුමරුණි...!!"

හදිසියේම තරුණියක් ඔවුන් හුන් තැනට පැමිණ තිබේ... නුවිධීෂයන් පළමු බැල්මෙන්ම ඕ කවරෙක්දැයි හඳුනාගත්තේය... හිස ඉදිමී ඇතැයි කියා යැයි සිතූ රජුගේ වැඩිමහල් දියණිය... ඈ තරමක කම්පනයකට පත් වී ඇති සේයි... මද වේලාවක් හුන් තැනම නැවතී හිඳ ළැම මත හස්තයක් තබාගෙන සුසුමක් හෙළා නැවත ඔවුන් වෙතට පිය නගන්නට විය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now