විහාධීෂ 49

496 119 44
                                    

විහා_ධීෂ

භද්‍ර විත් නුවිධීෂයන්ගේ හස්තයේ මිටමොළවා ගිය කුඩා වීදුරු කුප්පිය පිරී තිබුණේ හලාහල විෂෙන් බැව් පැවසීමට අමුතු ඥානයක් ඇවැසි නොවේ... එය වටා ගැටගසා තිබූ ලෝහිත පැහැති රෙදිකඩ ඒ බැව් සනාථ කළේය... එවිට ඔහු තමාහට පහර දුන් අවියම තමා හස්තයේ ගෙනැවිත් තබා තිබේ...!!! එයත් කිසිදු බියක් සැකක් නැතිව...!!! ඔහු ඔහුගේම මරණයට අතවැනුවා මෙන් නොවේද...??

"ඔහු උමතුවෙන්ද...??" විහාධ්‍ය කුමරුගේ හඬ අවිනිශ්චිතය...

"........."

"එවර කුමකටද සැරසෙනුයේ...??"

"........."

"කිමද නුඹ නිහඬ...???" නුවිධීෂයන්ගේ නිහඬ බව හමුවේ විහාධ්‍ය කුමරු තරමක් නොසන්සුන් වී ඇති සේයි...

"මා හටත් නැහැ වැටහෙනුයේ...!! ඔහු පැවසූයේ මා රජුගේ අනුප්‍රාප්තිකයා බැවින් මෙය මා සතුව තබාගන්නා ලෙස... නොවේද...?? නමුදු කිමද ඒ... ඒ.. වැරදීමකින් හෝ...??"

"කුමක්ද සිතූයේ...?? නුඹගේ ආරක්ෂාවට ලබාදුන්නා කියාද...??? අමතක වූවාද ඔහු ඔය විෂෙන්ම නුඹව මරාදැමීමට තැත් කළ වග...??" විහාධ්‍යගේ සිනහව ඉස්තාලයේ වහළයද ගැලවී ඉවතට විසිවන තරම් විය... ඉදින් ඉහවහාගිය කෝපය හා නොරිස්සුම සිනහවකින් වසාගත් වග රහසක් නොවේ

"නොවේ...! නමුදු ඒ කුමක් නිසා විය හැකිද...?? ඔහු කුමක් අදහස් කළා කියාද සිතන්නේ...???"

"කුමක් වුවත් කිමද...?? නුඹට ඇවැසි නම් ළඟ තබාගනු ඉදින්...!!!" විහාධ්‍ය කුමරු ඕනෑවට එපාවට මෙන් පවසමින් අසළ වූ පිදුරු මිටියකට පා පහරක් එල්ලකළේය...

"විහාධ්‍ය...!! මගේ ආරක්ෂාවට නුඹත්, නුඹ  දුන් අසිපතත් තිබෙනවා...! මෙවැන්නක් ඇවැසි නොවේ...!!"

"කම් නොවේ කම් නොවේ... වැඩි නොවේනේ...!! එයද තබාගනු...!! මෙහි දෙනු...!!! මා පසුව භද්‍ර සමග විසඳගන්නම් මෙය...!!!"

විහාධ්‍ය කුමරු නුවිධීෂයන් හස්තයේ වූ විෂ කුප්පිය උදුරාගෙන ඔහු ඉදිරියේ දණ නවා හිඳ, එය ඔහුගේ ඉනෙහි වූ සම්පටියේ රැඳවූයේය... නැවත ඒමත හස්තයක් තබා එය ආරක්ෂිතද කියා පිරික්සුවේය... සිය කාර්‍යය අවසන් කොට තෘප්තිමත් අයුරින් දෙතොල් වලින් හා දෑස් වලින් සිනාසෙමින් නුවිධීෂයන් දෙස බැලුවේය... මොහොතකට පෙර කෝපයෙන් පිපිරූ පුද්ගලයා දැන් නිවීගොසිනි... සමුද්‍රය වන් දෑස සිහින් වී ගොසිනි... එවිට ඒ රත් තඹර පැහැති... නොවේ... රත් අරලිය පැහැති... නොවේ නොවේ එතරම් නොවේ... එය රත් තඹරත් රත් අරලියත් සංකලනයක්...!!! එසේයි... දැන් නිවැරදියි... ඒ හා සම ලවන් දෙපසට යන්තමින් ඇදී ගොස් මුවග මන්දස්මිතියකින් සැරසී තිබේ...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Onde histórias criam vida. Descubra agora