විහාධීෂ 58

459 113 39
                                    

මිහීලාද්වීපයට වැටී තිබුණු මූසල බැල්ම ක්‍රම ක්‍රමයෙන් තුරන් වී යමින් තිබුණි... අරුණ පිට අරුණ නැගී කෙසේ හෝ මසක් පමණ ගත වී ගොස් හමාරය... තවමත් කිහිපදෙනෙකුගේ ජීවිත එක තැනක නැවතී තිබුණු නමුදු කාලයට නම් එය වගක් නොවූ සේයි...

රාජකීය සේනාධිපති මිලෝථ, පියවි සිහි එළඹෙන විට සිටියේ අඳුරු සිරකුටියකය... ඔහුගේ දෑත් දෙපසට කර තියුණු තල සහිත යදම් වලින් ගැට ගසා තිබුණි... දෙපා එකට කර යදමකින් ගැටගසා තිබුණි... සෑම උදෑසනකම ඔහු සිදුකළ දෑ හා ඉදිරියට සැලසුම් කළ දෑ පිළිබඳව රජු ඉදිරියේ පාපොච්චාරණය කළ යුතුව තිබුණද, එක් කටු මුගුරු ප්‍රහාරයක් හෝ ඔහුගේ මුවින් වදනක් පිටතට ආවේ නැත... ඔහු රාජ්‍ය රහස් පිටතට නොදීමට පුහුණු කර තිබූ සේනාධිපතිවරෙයෙකි... ඉදින් කොතරම් දරුණු වද හිංසා සිදුකළද ඔහුගේ සතුරන් හමුවේ ඒ මුව විවරකළේම නැත...

වෝහීෂ්‍යව මාලිගයේ තබා සිව මැදුරට ගිය කල, අසන්නට ලැබුණු දෙයින් විහාධ්‍ය කුමරු පවා බොහෝ කම්පනයට ලක් වූ වග පැවසිය යුතුය... වෝහීෂ්‍ය, සිව මැදුරෙන් පලා ගිය දින රාත්‍රියේ, පර්ණිතා දේවියගේ පටන් ද්වාරාඅරක්ෂකයා දක්වා සියල්ලෝම හුන් හුන් තැන් වලම සිහිසුන් වී ඇද වැටී තිබුණි... පසුදින උදෑසන පියවි සිහි ලද වහාම, වෝහීෂ්‍ය සොයාගිය දේවියට ඔහු හා දුශාලා මැදුරේ නොමැති බැව් දැනගන්නට ලැබී තිබුණි... ඉදින් දුශාලා වෙත සැකය එල්ල වුවත් මැදුර පසුපස ලැහැබ අසළ සිරුර පුරාම තැලුම් ප්‍රහාර සහිතව සිහිසුන්ව වැටී හිඳියදී දුශාලා සොයාගෙන තිබුණි...

විහාධ්‍ය හා කුටිය තුළ වූ සිදුවීමට පසුත්, මනිලා දේවියගේ තත්වය සිතුවාට වඩා යහපත් වීමද අරුමයක් විය... මාලිගයේ සිටි දින වල ඇගේ ඇමතුම් පෙර සේම සෙනෙහසින් බර වූ ඒවා විය... මුහුණට හමුවන සෑමවිටකම වදනක් හෝ දෙඩීමට ඈ අමතක නොකළාය...

නමුදු ඉදින් ඒ නුවිධීෂයන් හට පමණයි... ඇගේ කුටියේ සිදුවූ සිදුවීමෙන් පසු විහාධ්‍ය පැමිණෙන පෙර මගට හෝ නොයෑමට ඈ ප්‍රවේශම් වී තිබුණි... සැබැවින්ම ඕ සිය පුත්‍රයාව හැකි සෑම විටම මගහැරියාය... ඉදින් ඒ අන් කිසිවක් නිසා නොවේ, සිය පුත්‍රයාගේ හැසිරීම සම්බන්ධයෙන් ඈ බොහෝ සෙයින් බියපත්ව හිඳි නිසාය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now