විහාධීෂ 27

855 176 18
                                    


විහා_ධීෂ


අනුර මැදුරේ දාසයෙකුව සිටියදී අරණට වැදී සොයාගත් ගල් ලෙන... නොඑසේ නම් කිසිවකු නොදත් හේෂවගේ රාජධානිය... අවසන්වරට ඔහු මෙහි පැමිණි වාරයේ සේ නොවේ එය... බොහෝ සේ වෙනස් වී තිබේ... දන්නා අයෙකු හට හැරෙන්නට අන් අයෙකුට එහි ද්වාරයක් තිබේ දැයි සොයන්නටත් නොහැකි තරමට ගල් පාලු වැල් වලින් එය මුලු මුනින්ම වැසී ගොස්‍ ය...

"සිටින්න අයියන්ඩී...! අප ඒවා ඉවත් කරන්නම්...!!"

නුවිධීෂ සිය අසිපත දෑතින්ම අල්වාගෙන මෙපිටින් වූ ගලක් මත හිඳගත්තේය... මෙතෙක් කල් මුලු ගල් ලෙනම වසාගෙන සිටියද, සුළු මොහොතකින් දුර්වල ගල් පාලු වැල් කැඩී, සී සීකඩ විසිරී යන්නට විය... ගල්පාලු වැල් ලෙන වසාගෙන සිටින අයුරින් තමා හට එහි ඇතුළු වීමට නොහැක... වැල් එහා මෙහා කරමින් කෙසේ හෝ ඇතුළු වුවද, එහි රැඳී සිටීමට නම් එය ශුද්ධ පවිත්‍ර කළ යුතුමය... ලෙන තුළට වී සිට එය සිදු කිරීම කළ නොහැක්කකි... එය සම්පූර්ණයෙන්ම ශුද්ධ පවිත්‍ර කිරීමට නම් පිටතට පැමිණීමටම සිදුවේ... ඉදින් සුනීද්ව රජු පැවසූ අයුරින් නම් මහෝධ්‍ය නුවර තිබෙන පිළිලයන්ද ඉවත් කළ යුත්තේ මේ අයුරින් නොවේද...?? එහි ඇතුළු වීමට ප්‍රථමයෙන් සියලු පිළිලයන් ගලවා ඉවත් කළ යුතුය...

"අයියණ්ඩී...! පැමිණෙන්න...!!"

වෝහීෂ්‍ය තමා අසළට විත් තමා අමතන තුරුම නුවිධීෂ වූයේ කල්පනාවකය... නවීශ්ධ ගොස් අසු මත ගැටගසා තිබූ තරමක් විසල් සම් මල්ලක් ගෙන ගොස් ලෙන තුළින් තැබුවේය... ඉන්පසු ගොස් අසුන් තිදෙනා පසෙකින් එරමිණියා නොවූ තැනක වූ හවරි නුග ගසක ගැට ගැසුවේය...

එම ගල් ලෙන පොළොව මට්ටමින් රියනක් පමණ උස්ව, ඉදිරියෙන් වූ කුඩා ගල් කීපයකින් ද්වාරයේ අඩක් පමණ ආවරණය වනසේ වී ගල් පොත්තක් මත පිහිටා තිබූවකි... බඹයක් පමණ පළලකින් යුතුවූ එය, ලෙන තුළට බඹ දහයක් තරම් විහිදී තිබුණි... උදෑසන දහයේ හෝරාව පසු වී තිබුණද ලෙන වටාම විසල් වූ වෘක්ෂයන් අරක්ගෙන හුන් නිසාවෙන් ගල් පොත්ත මතට වැටෙන ආලෝකය ඉතාමත් සීමිත විය... ඉදින් හිරු මුදුන් වන දහවල් කාලයේ වුවද ගැටලුවකින් තොරව ලෙන තුළ සිටිය හැකි වග විශ්වාසය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Tempat cerita menjadi hidup. Temukan sekarang