විහාධීෂ 62

499 105 65
                                    

විහා_ධීෂ

"ඔතරම් සිතන්නට දෙයක් නොවේනේ එය...? ධනුර්ධයක් හා හීයක් එක්ව තිබුණා කියා...??? එකල සංඛේතයක් වන්නට ඇති... මා එය පෙන්වූයේ පෙර දැක තිබෙන බවක් හැඟුණු නිසා..."

ඉදින් නුවිධීෂයන්ගේ ගැටලු සියල්ලටම  විහාධ්‍ය කුමරුන්ට වූයේ එතරම් සරල පිළිතුරකි... විහාධ්‍ය කුමරුගේ උර මත්තෙහි හිස තබාගෙන, හස්තයක් ඔහු මතින් දමාගෙන හිඳියද, පියාගත් දෑසට විවේකයක් නොවන්නේ අද සිදුවන්නට ගිය භයානක සිදුවීමේ තිගැස්ම තවමත් ශේෂව තිබෙන නිසා පමණක් නොවන බැව් ඔහු දනී... නමුදු ඒ බිය පලවාහරින්නට විහාධ්‍යගේ උණුහුම දැනෙද්දීත් සිතුවිලි අරගල කරනවා සේ දැනෙන්නේ පුරුදු තිමිර පටලය ඉරී ඇති නිසාවෙන්ද, විහාධ්‍ය කුමරු තම පැනය සිතා මතාම මගහැරි නිසාද කියා ඔහු වූයේ අතරමංවය...

"ධනුධ විය ඡායාව සේ නිති"

"ධනුධ සෙන්පති තබා ඇක මත"

"හැඬූ'යුරු දැක රජ මලක මැද"

"රජු ඔහුව ඇකයේ තබාගෙන හැඬුවාලු... ඇකයේ... ඇකයේ...??? රජෙකු සේනාධිපති වරයෙක්ව ඇකයේ තබාගෙන හඬනවා...???"

"උලිඳු පහයට සොබන භූෂණ"

"එයනේ...? කිමද ඔහු මාලිගයේ විසූ බැව් කියවුණේ...?? පෙර හමුවූ පුස්තකයේ වූවානේ මනුනරද රජු ධනුර්ධ සේනාධිපතිට පිරිනැමූ ඉඩම් පිළිබඳව... හැරත්... මාලිගයේ ශෝභන ආභරණය කියා පවසන්නට තරම්...??"

"උදධි නයනැති වෙරැති සෙන්පති"

"සමුද්‍රය වන් දෑස්... අහෝ මා හට නොවැටහේ...!!!"

නුවිධීෂයන්ගේ සිතට නම් නිවනක් නොවේ වූයේ... ඔහුට කෙදිනත් කුහුලක් තබාගෙන හිඳීම අසීරුය... ඉදින් කෙසේ හෝ සිහි කරගත් පද්‍ය පේළි එකින් එක පිරික්සා බැලුවේය... ඔහුට අනුව නම් මේ ධනුර්ධය හා හීය එක් සාමාන්‍ය සංඛේතයක් නොවේ... නමුදු විහාධ්‍ය කුමරු කිමද එය නොපිළිගන්නේ...??

නුවිධීෂයන් සිය නොසන්සුන් මනස සනහාගන්නට මෙන් විහාධ්‍යගේ හස්තය ගෙන දිගහැර ඔහුට පිටුපා හැරී ඒ මතින් හිස තබාගත්තේය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now