විහාධීෂ 59

565 134 53
                                    

විහා_ධීෂ

"ඉක්මන් කරනුකෝ..."

රාත්‍රී භෝජන ගෙන ශාක්‍රස මැදුරෙන් පිටතට පියවරක් තැබූ නුවිධීෂ කුමරු, තමා පසුපසින් පැමිණෙන තේජවන්ත කෙසරා දෙස හැරී බැලුවේය...

නවීශ්ධ මියගිය දින පටන් ඔහුගේ වස්ත්‍ර සියල්ලම පාහේ ශ්වේත පැහැ ගෙන තිබුණි... කිසිවකු පෙනෙන්නට නොවූ විට විහාධ්‍ය කුමරු හිඳින්නේ නුග වෘක්ෂය මුලය... ඉදින් එවන් දිනවල මුහුණ සඟවාගෙන කුටියට වැදෙන ඔහුව නුවිධීෂයන් හට හසුවූයේ වරක් දෙවරක් නොවේ... හඬාවැටී සියලු වේදනා එකවර පිටකළා සේ නොවේ... නොහඬනා අයට යම් වියෝවක කම්පනය සෑහෙන කාලයක් යන තුරුත් අමතක නොවේ...!

ඉදින් අදත් එසේය... සේ පැහැයෙන් සැරසී අසිපතත් සුරතට ගෙන අවුත් නුවිධීෂයන් අසළින් සිටගත්තේය... නුවිධීෂයන්ගේ දෑස් නම් ඉදින් ඉඩක් ලද වහාම විහාධ්‍ය කුමරුන්ව වර්ණනා කිරීමේ මහඟු කර්තව්‍යය අරඹයි...

ඔහු විහාධ්‍ය කුමරුන්ව පළමු වර දුටු විට පෙනෙන්නට වූයේ එක් කැළලයි... එයත් හස්තයේ පහළ බාහුවක වූ කුඩා අසිපත් කැපුමකි... දැන් නම් එසේ නොවේ... වස්ත්‍රයෙන් නිරාවරණය වූ ඉහළ බාහු වලත් අසිපත් කැපුම්ය... ඉන් එකක හිමි කම නම් ඉදින් සිය සොයුරාටමය...

නමුදු කැලැල් කිහිපයක් නොවේ දහසක් තිබුණ ද, විහාධ්‍ය කුමරුන්ට සම කළ හැකි අයෙකු ඔහුට හමුවීතිබුණේ නැත... වරෙක ඔහු අනුර මැදුරේ මෙහෙකරුවන්ගේ ගුණ ගායනා හමුවේ කෝප ගත්තද, දැන් නම් ඔහුත් විහාධ්‍ය කුමරු හිස කසනා අයුරුත් අගයන්නට වරක් හෝ පසුබට නොවන්නේය... විහාධ්‍ය කුමරුගේ හස්තයට අසිපත් මිට හසුවී තිබෙන ආකාරයේ පවා ඔහු අමුතුම කලාවක් දුටුවේය...

"යමු..!" වදනක් හෝ නොපවසා තමා හා එකඟ වී පැමිණියාට දසන් විළිස්සා ඔහු හා සිනාසී, යන්නට හැරුණේය...

ස්ත්‍රීන් ගැබ්බර කාලයට නම්, විවිධාකාර ආශාවන් පහලවන්නේලු...! ඉදින් වේලාවක් අවේලාවක් නොමැතිව ඔවුන් ඉල්ලනා දෑ ගෙනැවිත් දීමට පුරුෂයා පසුබට වන්නේද නැතිලු... ඉදින් එය සාමාන්‍යයි.., සාධාරණයි... නමුදු හදිසියේම නුවිධීෂයන් කිමද මේ...??

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now