විහාධීෂ 60

483 115 61
                                    

විහා_ධීෂ

"විහාධ්‍ය...!!! දෑස් හරිනු...!!! මේ බලනු...!!!"

නුවිධීෂයන්ගේ කෑගැසීම හැඬීමක් බවට පත්වෙන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත... වෙව්ලන දෑත් වලට විහාධ්‍යගේ මුහුණ මැදි කරගෙන උන්මත්තකයෙකු සේ කෑගසන්නට වූයේය... මොහොතින් මොහොත සිත වසාගන්නට වූ මහා මූසල හැඟීමක් ඔහුගේ සිත භීතියෙන් පුරවා දමා තිබුණි...

ඔහු විහාධ්‍යගේ හිස සිය ඇකය මතට ගත්තේය... සිය තෙත් වූ දෑත් වලින්ම විහාධ්‍ය කුමරුගේ මුහුණ පුරා වූ රුධිරය පිසදැමුවේය...

"හිඳිනු...! හිඳිනු මොහොතක්...!!!"

නැවත හද්සියෙන් යමක් සිහි වූවාසේ  ඔහුගේ හිස ප්‍රවේශමෙන් පොළොව මතින් තබා නැගිට තඩාගය වෙත දිව ගියේය... ඉන් දියදෝතක් ගෙනැවිත් ඔහුගේ මුළු මුහුණ පුරාත්, විවර වී රුහිරු ගලමින් වූ මුව තුළත් තැවරුවේය..

පලක් නොවේ... ඔහු සෙලවෙන්නේ හෝ නැත... රුධිරය පිසලනා වාරයක් පාසා නැවත පිටතට ගලා එන්නට විය... ළය පත්ලෙහි හුන් පුද්ගලයා එලෙස ප්‍රාණය නිරුද්ධ වූවකු සේ වැටී හිඳිද්දී, නුවිධීෂයන්ගේ ළය ගැස්ම නොනැවතීමද අරුමයකි...

"එය ප්‍රමාණවත් නොවන්නට ඇති... හිඳිනු...!! ඔසු දිය නුඹව සුව කරයි...!! මා කිසිවක් සිදුවීමට ඉඩතබන්නෑ නැහැ නුඹට...!!!"

ඔහු හඬමින්ම නැවත දිවගොස් දිය දොතක් රැගෙන ආවේය... "දෑස් හරිනු...!!! ඇති නොවේද ඉදින් මා බියවැද්දුවා...?? ආ...??" උන්මත්තකයෙකු සේ කෑගසමින් තඩාගය වෙත දුවන්නේය... නැවත දිය රැගෙනවිත් විහාධ්‍ය කුමරුගේ මුහුණ මතට ඉසින්නේය... ඔහු දෑස් හරිනවාද කියා බලාහිඳින්නේය... නැවත නැගිට දිව යන්නේය... විටෙක වෙව්ලන දෙපා පැකිළී ඇදවැටීමට යන්නේය...

එහි වූයේ සුනීද්ව රජුගේ රාජ්‍ය අනුප්‍රාප්තිකයා නම් නොවේ... සටනෙහි සමර්ථ රණශූරයාද නොවේ... ශාක්‍රස කුමරුගේ දේව පුත්‍රයාද නොවේ... එහි වූයේ හුදෙක්ම විහාධ්‍ය කුමරුගේ ප්‍රාණසමයා පමණෙකි... විහාධ්‍ය කුමරු සිය එකම දුර්වලකම කරගත් නුවිධීෂයන් පමණෙකි...

"කිසිවකු නැතිද මෙහි...??? මගේ විහාධ්‍ය බේරාදෙනු...!!!!!! ඇසෙනවාද මා....???"

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now