විහාධීෂ 50

554 125 49
                                    

විහා_ධීෂ

සිව නගරයට ගිය පිරිස නැවත සරෝරුහ ග්‍රාමය වෙත පැමිණෙන විට හාත්පසම ඇඳිරි වැටී තිබුණි... කඩුල්ලට එපිටින් වූ පරිජාත වෘක්ෂය ශ්වේත සලුවක් හැඳගෙන ඔවුන් පිළිගන්නට බලා සිටින්නට විය... හදිසියේ රජු හමුවීමට යාමට නොවූයේ නම් ඇඳිරි වැටෙන්නට පෙරාතුව දිනේන්ද්‍ර මැදුරට පැමිණෙන්නට තිබුණි... ග්‍රාමයට ඇතුළු වූ මොහොතේ පටන් මාර්ගය පුරාවටම ආලෝකයකට කියා වූයේ, එහි වූ කුඩා නිවාස වලින් පිටතට පැමිණි මලානික ප්‍රදීපාලෝකයත් මග දෙපස වූ ශෛලමය කණු වල ඉඳහිට ගසා තිබූ පන්දම් ආලෝකයත් පමණි... කෙසේ හෝ බොහෝ වෙහෙසකර ගමනක් නිමවා අසුන් හා අසරුවන් හට ගමනාන්තය වෙත ළඟාවෙන්නට හැකිවිය...

දිනේන්ද්‍ර මැදුර වෙනදා මෙන් නොවේ...! පෙර නොවූ විරූ වෙනසකි... කිසි දිනෙක නොවූ පරිදි වැසුණු ඉදිරිපස ප්‍රධාන ද්වාරය අභියස ශෛලමය පහනක් දල්වා තිබුණි... එසේ දැල්වීම අශුභ නිමිත්තක් නොවේද යන්න විමසන්නට මෙන් නුවිධීෂයන් විහාධ්‍ය කුමරු දෙස බැලුවේය... නවීශ්ධ නම් අසුගෙන් බැසගත් සැණින් එදෙසට කලබලයෙන් දිවගියේය... සැබැවින්ම එහි කුමක් වී දැයි කියා බැලීමට නුවිධීෂයන් හා විහාධ්‍ය කුමරුද ඔහු පසුපසින් දිවගියහ...

නවීශ්ධ තරමක කලබලකාරී ස්වරූපයකින් හැසිරුණේ සිව මැදුරේ හිඳියදීමය... නුවිධීෂයන් විහාධ්‍ය කුමරු හා ඉස්තාලයේ සිදුවීමෙන් අනතුරුව මුව සෝදාගෙන මැදුරට යන විටත් නවීශ්ධ හා භද්‍රගේ මෑණියන් වූයේ පිළිසඳරකය... ඈ හා පිළිසඳර නිමවා පැමිණි මොහොතේ ඔහු පැවසූ දෙය...!
"මා හට හැඟෙනවා මෑණියන් නැවත පැමිණෙන තුරු වෝහීෂ්‍ය ඈ සමීපයේ සිටියහොත් යහපත් කියා..."

පෙර කිසිදිනෙක හමු නොවූ ස්ත්‍රියක් පිළිබඳ එතරම් විශ්වාසයක් තැබීමට තරම් දෙහෝරාවක් පුරාවට කුමක් පිළිබඳව කතාකළාදැයි කියා ඉදින් දනුයේ ඔහුම පමණයි... හා ඉදින් ඈ යහපත් කාන්තාවක් බැව් සත්‍යයි... නමුදු ශාක්‍රස මැදුරට වඩා සිව මැදුර ඔහුට විශ්වාසදායී වූයේ කෙසේද...? එසේ ශාක්‍රස මැදුර ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහුට වූ හේතුව කුමක්ද...??

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now