විහාධීෂ 28

788 171 22
                                    


විහා_ධීෂ


මධුවිතින් හොඳහැටි සප්පායම් වී වාරු නොමැතිව විසිවෙමින් ඇවිදින්නාවූ උන්මත්තකයෙකි... හැඳසිටින්න වැරහැලි වූ අපිළිවෙල වස්ත්‍ර වලින් ඔහු කොහිහෝ බැලමෙහෙ කරන්නෙකු වග දකිනා ඕනෑම අයෙකුට පැවසිය හැක... මුහුණ නම් පැහැදිලිව නොපෙනේ... එය මුව පුරා වැවුණු ඝන රැවුලෙනුත්, දෑස්ද වැසෙන සේ මුහුණ මතට වැටී ඇති කෙටි හිසකෙස් වලිනුත් ආවරණය වීය... ඉනට හැඳ සිටි දණෙන් පහළට වූ වස්ත්‍රය කැසපට ගසාගෙන අනුර නගරෙයේ වෙළඳ වීථියේ කොණක වූ කුඩා අවන්හල වෙත ඇතුළු වූයේය...

"මධුවිත බඳුනක් ගෙනෙනු...!!"

දැනටමත් බොහෝසේ වෙරිවී සිටියද, තවත් මදුවිත බඳුනකට මුදල් ගෙවා විසිවෙමින් ගොස් පසෙක වූ කුඩා මේසයක් අසළින් අසුන්ගන්නා උන්මත්තකයා දෙස අපුල පිරි බැල්මකින් ස්වල්ප වේලාවක් බලාසිටි දාසිය ඔහුගේ ඇණවුමද රැගෙන එවෙත ගියාය...

"අඹු දරුවන් නොමැති සේයි...! කාසි කිහිපයක් හමුවූ වහාම එය මිට මොළවාගෙන මධුවිත සොයා පැමිණෙන්නේ...!!"

"තිට කාරි නොවේනේ එය...! තිගේ කාසිවලින් නොවේ නේ මා සප්පායම් වනුයේ...??"

"මා හට කාරි නොවන වග සැබෑයි...! දැනටමත් කෙලින් සිටගන්නට හෝ නොහැකියි නොවේද...?? මෙතැන වෙරි වී ඇද වැටුණු විට කිසිවකු නොවේ නුඹව රැගෙන යාමට...!! සිහි තබාගනු..!!!"

"බෙලිකටු මල්ල සොලවා අවසන් නම් යා හැකියි තිට...!!!"

හෝරාවක් පමණ ගත විය... නමුදු ඔහු නම් තවමත් එහිය... ඒ වන විට ඔහු තවත් මධුවිත බඳුන් සතරක් හිස් කොට හමාරය... නමුදු ඔහු නවතින සෙයක් නම් නොවේ එහි වූයේ...

"තවත් බඳුනක් ගෙනෙනු...!!"

දාසියක් ඔහු හට මධුවිත බඳුනක්ද රැගෙන ඔහු වෙතට පැමිණියේය... එය ඔහු ඉදිරියේ තබන්නට පහළට ගනිද්දීම කොහි හෝ සිට පැමිණි තවත් පුද්ගලයෙක් ඇගේ සිරුරේ ගැටුණි... එකවරම සිදුවූ දේ නිසාවෙන් මධුවිත බඳුන අතහැරී එහි වූ උන්මත්තකයා මදුවිතින් නැහැවී ගියේය...!!

"තී...!!! මාද තීද වෙරිවී සිටිනුයේ...??"

උන්මත්තකයා ඔහු හිඳගෙන හුන් තැනින් ආවේගෙයෙන් නැගී සිටියේය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Tempat cerita menjadi hidup. Temukan sekarang