විහා_ධීෂ
පෙරදින ශ්වේත හා රජත පැහැයෙන් සැරසුණු දිව්‍ය විමානයක සිරිගත් ශාක්‍රස මැදුර, සැරසිලි ඉවත් කරන්නටත් කලියෙන් පාළු වූ බවක් පෙනෙන්නට විය... ඉදින් පෙරදින වූ උද්දාමය, සංතුෂ්ටිය, නොඉවසිලිමත් බව ඒ සිත් වලින් මැකීගොසිනි... එහි පැමිණියවුන් හා සතුටු සාමීචියේ යෙදී සිටියා වුවද, ශාක්‍රස කුමරුන්ගේ මුහුණේද පෙර දින වූ සිනහව නැත... සෑම උදෑසනකම පොකුණ අසළ විකසිත වන රක්ත තඹරයට අද පොකුණ අමතකව ගොසින් වත්ද...? නොවේ...! සහස්‍ර වාරයක් වුවද, ඈ ඉදිරියේ සිය ගුණවත්කම පිළිබඳ ස්වයංවර්ණනා සිදුකිරීමට නොපැකිලෙන අහිංසක මුවපොව්වා එය නෙළාගෙන ගොසිනි......
ඒ අතර, වෝහීෂ්‍යව දින් කිහිපයකට එහි නවතායාමට මනිලා දේවිය අකමැත්තෙන් හෝ එකඟ කරගැනීමට නුවිධීෂයන්ට හැකිවුණි... මැදුරේ ඉතිරිවූයේ ශාක්‍රස කුමරු, විහාධ්‍ය හා ඔහු පමණක් නිසාවෙන් දුශාලා එහි නවතාගැනීමට නුවිධීෂ කුමරුන්ට බියවන්නටද කාරණයක් නොවුණි...
තවමත් කිසිවක් සිහියේ නොමැති, කම්පනයකට ලක්වූවකු සේ හැසිරුනද, වෝහීෂ්‍යගේ දෑස් මුළු දිනය පුරාම දුශාලා වෙතට යොමුවී තිබෙණුද ඔහු නුදුටුවා නොවේ... නමුදු වෝහීෂ්‍යගේ දෑසේ ලියැවී තිබුණේ එවන් හැඟීමක් නොවන බැව් ඔහු කියවාගෙන තිබුණි... ඉදින් මුවින් නොපැවසූවද, හිස මත වූ එක් බරක් ඉවත්ව ගියේ සිතුවාටත් කලියෙනි...
එසේම, විවාහ මංගල්‍යය අතරේ භද්‍ර හා විහාධ්‍ය එකිනෙකා හා කලහා නොකර සිටීම අරුමයක් වුවද, සවස් යාමයේ කොහිදෝ සිට මතුවුණු විහාධ්‍යගේ නළලත වූ සීරුමත්, භද්‍රගේ තොල් අග පුපුරා තිබීමත් නිසාවෙන් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ කිසිදු වෙනසක් සිදුව නැති බැව් නුවිධීෂ කුමරු වටහාගත්තේය... පර්ණිතා දේවිය හා මුව පුරා සිනාසී කතාබස් කළද, ඇගේ පුත්‍රයා තමා වෙතට හෙලන එක් බැල්මකට පවා විහාධ්‍ය කුමරු පළිගත්තේය...
"නිතර එනවා කීවාට තවමත් නොවේනේ ඉදින්...! පෙනේද සෞම්‍ය, සන්සුන්, මුවකු වන් අහිංසක සුවිහීෂ කුමරු...! මුසා පර්වතයක්...!!!"
පොකුණ වටා වූ එක් කවාකාර ශෛලමය ආසනයක හිඳගත් දෙදෙනෙකි... අයෙකුගේ හස්තකයක අවටින් එකතුකරගත් කුඩා ගල් කැබලි කිහිපයකි... ඉදින් දෙවිසි හැවිරිදි ඔහුට, සිව් හැවිරිදිව හිඳියදී දැණුනාට පසු 'තනිකම' යන්න දැනෙන්නට ගෙන දැන් හෝරා කිහිපයකි... ඉදින් එයට හරි හැටි පිළියමක් නොවුණු කල, සිය සොයුරාට දොස් නගමින්, ඔහු හා අමනාප වීමට තමාට තිබුණු හේතු කාරණා සිහිවනා වාරයක් පාසා පොකුණු දියට පහරකන්නට සිදුවිය...
KAMU SEDANG MEMBACA
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Fiksi Sejarahවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.