භද්‍ර

385 101 37
                                    

භද්‍රගේ පැත්තෙන් හිතන, කරන කියන දේවල් කතාවෙ ලියවෙන්නෙම නැති තරම්... ඉතින් මේක මම ලියන්නේ එයා වෙනුවෙන්...

භද්‍ර මුලින්ම නුවිධීෂ දකින්නේ කට්ටිය එක්ක රජතුමාගේ හිටපු මහාමාත්‍යවරයා මුණගැහෙන්න ගියපු දවසේ...

හැමෝම මුහුණු වහගෙන ඉන්නේ... ඒත්, වැඩේ ඉවර උනාට පස්සේ, ඒ කියන්නේ විහාධ්‍ය මහාමාත්‍යවරයාව මැරුවටත් පස්සේ එළියට ආවම නුවිධීෂ, එයාගෙ මුහුණු ආවරණය ඉවත් කරනවා පොඩි වෙලාවකට...

ඒ වෙලාවේ තමා භද්‍ර මුලින්ම එයාව  දකින්නේ...

නුවිධීෂ කියන්නේ, වෙලාවකට රාක්ෂයෙක් වගේ කෙනෙක්... ඒ හැම වෙලාවකම වගේ ඉතින් ඔය කොහෙට හරි විහාධ්‍ය ගෑවිලා ඉන්නවා...

ඒත් එහෙම නැති වෙලාවට එයා එහෙම නෑ... විහාධ්‍ය වගේ නිතරම තරහා ගන්නෙ නෑ.. ගොඩක් අහිංසක ඇස් දෙකක් තියෙන්නේ එයාට... මාර ලස්සනයිත්නේ ඉතින්... විහාධ්‍ය එයාට 'හඳ' කියලා කතා කරන එකට වෙනම හේතුවක් තිබුණත්, ඇත්තටම ඒක හොඳටම එයාට ගැලපෙනෝ... අපි කියන්නේ සමහර මිනිස්සු දැක්කත් ඇති සැනසීමයි කියලා... ආන්න ඒ වගේ...

අර වෛරයෙන් පිච්චි පිච්චි ඉන්න කෙනාට මේ මුහුණ දැක්කම කලින් දැනුනේ නැති හැඟීමක් දැනෙනවා... එයාට  සැනසීම කියන එක දැනෙන්නෙ නැතිතරමටම පිරිලා තිබුණ වෛරී සිතුවිලි එක මොහොතකින් චුට්ටක් එහාට මෙහාට වෙනවා...

ඒත්,

එයාට එයාගෙ හැඟීම් පාලනය කරගන ඉඩක් නොතියාම නුවිධීෂ මුහුණ ආවරණය කරගන්නවා...

හිතේ හැටියට බලන් ඉන්නවා වගේ නෙවෙයි... අගේට පෙන්නලා වහගත්තම... ඒක දැනෙනවා වැඩී...

ඉතින් ආයෙ හම්බෙන්නේ දවස් දෙකකින්... ඔය දවස් දෙක භද්‍ර ගෙවාගන්නේ පුදුම අමාරුවෙන්... ඔක්කොටම වඩා එයාට තිබුණ අරමුණ අස්සෙන් මූණක් මැවි මැවී පේන එක ගැන එයා නොසන්සුන් වුණා...

ඒත් එයාට තිබුණා පුදුම හදිස්සියක්... ආයෙත් ඒ මූණ බලාගන්න...

කොහොම හරි කට්ටිය එක තැනකට එකතුවෙනෝ... මතකනේ... හැමෝගෙම අශ්වයෝ නවත්වලා තිබුණේ එකම තැන...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Tempat cerita menjadi hidup. Temukan sekarang