විහාධීෂ 30

847 162 30
                                    

විහා_ධීෂ

පසුදින අරුණ වැටුණු වහාම අවධි වී නුවිධීෂගේ ආඥා පරිදි ඔහු පසුපසින් යාමට විහාධ්‍ය කුමරුන් හට සිදුවිය... එකවර ඔහුගේ බසට අවනත නොවීම නිසාවෙන් ඔහුගෙන් තමාට සිදුවූ අකටයුතුකම් දනුයේ නම් ඉදින් ඔහුම පමණයි... එයත් හිමිදිරියේම...! දින ගණනාවක් නිදි නොලැබූ පුද්ගලයෙක් සැතපුණු විට එසේ අනුකම්පා විරහිත ලෙස අවධි කිරීම කෙසේද අනුමත කළ හැක්කේ...? එයත් තමාව රවටමින්, ඔහු ලද අවස්ථාවෙන් උපරිම අයුරින් ප්‍රයෝජන ගත් අයුරු...!! සියල්ල ඉවසිය හැකියි...!

"එවර කොහිද මේ ඇදගෙන යනුයේ...???"

නුවිධීෂ ගොස් නැවතුනේ ලෙනට හූවක් තරම් දුරින් අරණ තුළට වන්නට හමුවන්නාවු වෛශාල නදියේ ඉහළ ප්‍රදේශයේයි... අනුර නගරයට වර්ෂාව හිඟ වුවත් වෛශාල නදිය නම් එවන් වගක් නොපෙන්වූයේය... දිය උල්පත් රාශියකින් දිය සැපයෙන බැවින්, වසර පුරාවට කිසිදු විටක එහි දිය මට්ටමේ වෙනසක් සිදු නොවේ... සැබැවින්ම නදිය නොවූවා නම් අනුර නගරයේ පොළොව කාෂ්ටක වී ඉරි තැලී යනු නොඅනුමානයි...

නුවිධීෂයන් විහාධ්‍ය කුමරුන්ව අතහැරි වහාම ඔහු ඉවුරේ වැල්ල මත එරමිනිය ගොතා හිඳගත්තේය... කලවා මත වැලමිටින් සිටවූ දෑත් වලට හිසෙහි බරදී නැවත දෑස් වසාගත්තේය... ඉවුර තෙත් නොවූවා නම් ඔහු එහිම වැතිරී නිදන්නට දෙවරක් නොසිතන්නේය...

නුවිධීෂද කිසිවක් වටහාගත නොහැකි සේ දෑත් ඉනෙහි ගසාගෙන විහාධ්‍ය කුමරුන් දෙස මොහොතක් බලාසිටියේය...

"මනුෂ්‍යයෙකු හට මෙසේ වැටුණු වැටුණු තැන නිදා වැටිය හැකිද...??? අලසයා...!!!"

"කිමද මේ...?" නුවිධීෂ සිය හඬ අවධි කළේය...

"............"

"කුමක්ද සිදුකරනුයේ...??"

'දියබරියෙකු හට වරකට බිජු කොපමණ දැමිය හැකිදැයි කල්පනා කරනවා...!"

"කුමක්ද පවසන්නේ...???"

"මනුෂ්‍යයෙකු නොවේ නුඹ නම්...! සිව් දිනකට පසුයි මොහොතක් සැතපුණේ මා...!!"

"හා... කෝප නොගනු ඉදින්...! වැදගත් යමක් පැවසීමටනේ මා නුඹවද රැගෙන මෙහි පැමිණියේ...!"

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now