විහා_ධීෂ
මානසික අභ්‍යාස හා අසිපත් සටන් පුහුණුවීම් වල හේෂව කාර්‍යබහුල කරමින් තවත් දෙසතියක් ගෙවුණි... හිරු නැගීමට පෙර පුහුණු මණ්ඩපයට පැමිණීමත් හිරු අවරට යන විට පුහුණුවීම් හමාර කොට කුටියට යාමත් හේෂවගේ දින චර්‍යාව බවට පත් වී තිබුණි...
දිනෙන් දින පුහුණු වන විට ඔහු තුළ දක්නට වූ කුසලතා නිසා ශාක්‍රස කුමරු බොහෝ සේ සන්තෝෂ විය... එසේම මෙහි ශිල්ප ලැබූ කුල කුමරුවකුට හෝ නොවූ තරම් ප්‍රබල ඔහුගේ මානසික හා කායික හැකියාවන් පිළිබඳ ඔහු සැබැවින්ම පුදුමයට පත්ව සිටියේය... ඉදින් ඒ ශාක්‍රස කුමරු පමණක් නොවේ, හේෂවට වුවද එහි කල්පනා කරන්නට බොහෝ දේ තිබුණි... ඉදින් මේ ඔහුමද...? පෙර අනුර නුවර විසූ දාසයාම ද...? කිමද විහාධ්‍ය කුමරුන්ට ඕනෑ වුයේ මෙවැන්නක් සිදුකිරීමට...? මේ කිසිවක් විසඳාගැනීමට ඔහු නොවේ තවමත් සමත් වූයේ...
පුහුණුව අවසන් කළ දිනයේදී ශාක්‍රස කුමරු පැවසූ පරිදි නම්, රජ කුමරුවෙකු හා සසඳන කල වුවද තමාගේ අසිපත් සටන් හැකියාව කිසිදු විටක දෙවනි නොවන්නේ ලු...! ඉදින් හේෂව එය පිළිබඳව සන්තෝෂ විය යුතු නොවේද...? මන්ද යත් මෙසේ සැබෑවී ඇත්තේ කිසිදින සැබෑවන්නට කියා පතන්නට වත් ඔහු හට හිමිකමක් නොවූ සිහිනයකි...
දැන් ඔහුට ඇවැසි වූ විටෙක පළපුරුදු සේනාධිපතිවරයෙකු සේ සටන් කළ හැක... නමුදු හදිසියේ වාසනාවක් උදා වී ශිල්ප උගත් පමණින් ඔහු කවරෙකු හා එසේ සටන් වදින්නද...?
මේ සියල්ලටම පසෙකින් තැබූවද, තවත් එක් ගැටලුවකි...! විසල් වූ ගැටලුවකි...!! නොවේ හේෂව හට ඇති ගැටලුව ගැටලුව අති විසල් වූ එකකි...!!!
සැමියා මළ ස්ත්‍රිය සේ කුටියට වී ද්වාරය දෙස නෙත් යොමාගෙන කල්පනා කරන්නට තරම් විසල් වූ ගැටලුවකි...!!!
දෙසතියකට පෙර තමාගේ කුටියේදී විහාධ්‍ය කුමරු හමුවූවාට පසුව ඔහුගේ සේයාවකුදු හේෂවට දක්නට නොලැබුණි...! ඉදින් ඔහු විනා සුවිහීෂ අයියණ්ඩිය හෝ හේෂව හට හමුනොවුණි...
අනෙක් කරුණ නම්, ඉදින් විහාධ්‍ය කුමරු නොපැමිණියද සුවිහීෂ අයියණ්ඩිය හෝ ඔහු හමුවට පැමිණෙන්නේය... ඉදින් ඔහු හෝ තමා හමුවන තුරු බලා සිටියද එයද සිදුවූයේ නොමැත...! සියල්ලෝම ඔහුව අමතක කර ඇති හැඩයි...!!
VOCÊ ESTÁ LENDO
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Ficção Históricaවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.