විහාධීෂ 35

600 157 54
                                    

විහා_ධීෂ

ඉහළට නැගි අයුරින්ම රැහැන ආධාරයෙන් පහළට පැමිණියද පොළොව මත පා තබන මොහොතේම එක්වරම නුවිධීෂයන්ගේ හිස කුමක් හෝ ගණකම් උරයක් වැනි යමකින් මුලු මුනින්ම ආවරණය විය... ඇසිල්ලකින් තම දෑත්ද පසුපසට කර තදින් බැඳී යනු ඔහුට දැනුනි... ඉදින් තමා ස්පර්ශ කෙරූවන් සියල්ලන්ගේම හිස් කඳින් වෙන්කර දැමීමට එක් ක්ෂණයක් පමණක් ප්‍රමාණවත් වන වග දැන සිටියා වුවද, මොහොතකට පෙර සිදුවූ සියල්ල ඔහුව මානසිකව අඩපණ කොට තිබුණි... ඉදින් සුනීද්ව රජුගේ අනුප්‍රාප්තිකයා වන තමාවම මාළිගයේම සෙබලුන් විත් දෑත් බැඳ කුදලාගෙන යන තුරුත් ඔහු නිහඬව සිටියේය...

මිනිත්තු කිහිපයක ගමනකින් අනතුරුව එක්වරම තමා ඉදිරියෙන් ද්වාරයක් විවර වන හඬක් නුවිධීෂ හට ඇසුණි... ඒ සමගම තම හිස වැසී තිබූ ආවරණය ඉවත් වී දෑත්ද ලිහිල් වී තමාව ද්වාරය තුළින් එතුළට විසිවී යනු ඔහුට දැණුනි... සියල්ල ක්ෂණිකව සිදුවූ නිසා, ඔහු විසිවී ගොස් නැවතුනේ පොළොව මතයි... තමාගේ සම් මල්ලද තමා හුන් තැනට මදක් එපිටින් විත් වැටෙනු ද ඒ සමගම කුටිය පිටතින් අගුලු වැටෙන හඬද ඔහුට ඇසුණි...

ඔහු හුන් තැනම හිඳ එහි පුරාවටම දෑස් ගෙන ගියේය... මෙවැන්නක් නුවිධීෂ කිසිසේත්ම අපේක්ෂා කළේ නැත... තමා කුදලාගෙන ආ සැටියෙන් අඳුරු සිර කුටියක සිරවනු ඇතැයි ඔහු සිතුවේය... ඉදින් එසේ වුයේ නම් නුවිධීෂ කුමරුන් සියල්ලන්ගෙන්ම සැඟවී දින ගණනාවක් කුසගින්නේ හිඳ මියැදෙන්නට තිබුණි... නමුදු සිදුවන දේ ඔහුට පැහැදිලි නැත... තමා දැන් හිඳින්නේද විහාධ්‍ය කුමරුන් හා පෙර සිටියා වැනිම කුටියකයි... ඉදින් එහි මදක හෝ වෙනසක් වූයේ නම් සඳුන් ධූම බඳුනක් හා රත් පැහැ දුහුල් තිර එහි නොමැති වීමයි... එසේම එක් ප්‍රදීපයක් වෙනුවට කිහිපයකින්ම ඒ කුටිය ඒකාලෝක කොට තිබුණි...

නුවිධීෂ තමා වැටී හුන් තැනින් නැගිට, සිය සම් මල්ල අතට ගත්තේය... තම අසිපත තවමත් එතුළ වූ වග දුටුවිට ඔහුට සැනසුම් සුසුමක් හෙළිණි... නමුදු එය ඔවුන් නොගැනීම ගැටලුවකි... ඇරත් තමා සිර කුටියක සිර නොවිමද ගැටලුවකි... කෙසේ වුවත් වජ්‍ර අසිපත තමා හස්තයෙහිම තබා ගැනීම නුවණට හුරුය... මන්ද යත් කිසිවකුත් විශ්වාස කළ නොහැකියි...! සැබැවින්ම මෙහි හිඳිනා කිසිවකුත්...!!

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now