විහාධීෂ 19

1.1K 236 103
                                    

විහා_ධීෂ

හේෂව විහාධ්‍ය කුමරු හා ශාක්‍රස මැදුරේ භෝජනාගාරය වෙත පැමිණෙන විටත් ශාක්‍රස කුමරු හා සුවිහීෂ කුමරු ඔවුන් බලාපොරොත්තුවෙන් එහි අසුන්ගෙන සිටියහ... තමා එහි එනු දුටු වහාම ශාක්‍රස කුමරුත් සුවිහීෂ කුමරුත් නොඉවසිලිමත් දෑස් වලින් යුතුව හිඳගෙන හුන් තැන් වලින් නැගිට තමා වෙත පැමිණෙනු හේෂව දුටුවේය...

ශාක්‍රස කුමරු හේෂව අසළට විත් මහත් සෙනෙහසකින් ඔහුව වැළඳගත්තේය... හදිසියේම සිදුවූ දේ නිසාවෙන් හේෂව තරමක් විස්මයට පත්විය... නමුදු ඔහුට ලැබුණු හුරු පුරුදු සේ දැනෙන නුපුරුදු උණුසුමෙන් මිදෙන්නට සිත එකඟ කර ගැනීමට ඔහු අපොහොසත් විය... නොවේ... සැබැවින්ම ඒ උණුහුමෙන් ඉවත් වීමට ඔහුට ඇවැසි වූයේ නැත... තමා හා පුහුණුවීම් කළ කාලයේදීත් ශාක්‍රස කුමරු තමා හට කරුණාව දැක්වූ වග සැබෑය... නමුදු ඔහු වැනි කුමරෙකු තමා වැනි දාසයෙකු මෙසේ වැළඳගනී යැයි සිතීමටත් අපහසුය... එනමුදු ශාක්‍රස කුමරු කඳුළු පිරි දෙනෙතින් විහාධ්‍ය කුමරු දෙස මහත් වේදනාවෙන් බලනවාත්, විහාධ්‍ය කුමරු එය එසේයි කියන්නට මෙන් හිස සලනවාත් හේෂව දුටුවේ නැත...

"කෙසේද දැන් දරුව...? සුවෙන්ද ඔබ...? කොහි හෝ රිදුම් දෙන්නේද...??"

"නොවේ කුමරුනි... දැන් බොහෝ සේ සුවයි මා හට...!!"

"කුමරුනි...?"

ඔහුගේ ආමන්ත්‍රණය හමුවේ ශාක්‍රස කුමරුන්ගේ දෑස් වලින් කඳුළු කඩා හැලෙන්නට විය... වසර දහහතක් පුරාවට තමා සෙවූ පුත්‍රයා නැවත හමුවී, "පියාණනී" යැයි නොපවසා පිටස්තර අයෙකු මෙන් හැසිරීම ඔහුව බොහෝසේ වේදනාවට ලක්කරන්නට විය... පෙරදින අලුයම විහාධ්‍ය කුමරුන් විත් තම දිවිය පුරාවට ඇසූ සතුටුදායකම පුවත පවසද්දී ශාක්‍රස කුමරුන් හට ඔහුව තදින් වැළඳගන්නට ඉවසුම් නොමැති විය... නමුදු කුමක් කරන්නද...?? උමතු වූ සුනඛයන් මෙන් ඔහු පසුපස පැමිණෙන සියල්ලන්ගෙන්ම ඔහුව ආරක්ෂා කරගැනීමට නම් ඔහුගේ අනන්‍යතාව සැඟවිය යුතුවේ... ඔහු සියලු ආකාරයෙන් සවිමත් වනතුරු ඔහුගෙන්ද එය සැඟවිය යුතුවේ... වියපත් මුහුණ පුරා නිමක් නොමැතිව ගලන්නට වූ කඳුලු හේෂව දකින්නට පෙර ඔහු පිසදා ගත්තේය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now