විහාධීෂ 33

613 142 27
                                    

විහා_ධීෂ

ගින්නෙන් දැවී තිබුණු ශාක්‍රස මැදුර එවන් දෙයක් සිදුවූවාදැයි කියා හඳුනා ගැනීමටත් නොහැකි වන පරිදි ප්‍රතිසංස්කරණ කර තිබුණි... අලුතින් සුණු පිරියම් කොට තිබූ මැදුරේ බිත්ති කිරිගරුඬ මෙන් දිදුළමින් තිබුණි... එය නවමු මැදුරක ස්වරූපයක් ඉසිලුවේය...

නුවිධීෂ පැමිණ නැවතුණේ ඔහුගේ මෑණියන් සැතපී සිටිනා නුග වෘක්ෂය අසළයි... ගින්නෙන් එහි එකදු පතකට හෝ හානියක් සිදුවී නොමැති සේයි... ඉදින් එසේ විය යුතුය... සුවසේ සැතපී හිඳින දෙව්නාවන් හට බාධාකරන තුරු සුර ලෝ සුරයන් බලාහිඳියිද...??

මැදුර තුළට යාමට පෙර සිය මෑණියන් හමුවී පැවසීමට ඔහු හට බොහෝ දෑ තිබුණි... සෑම දේම පියාණන් හට පැවසිය නොහැකියි... මන්ද, ඔහු නොදන්නා බොහෝ දේ තිබේ... ඉදින් අයියණ්ඩිය හමුවේ පැවසීමට හැකි වුවත් ඔහු එවිට තමාව වැළඳගෙන හඬන්නට ගනී... කෙසේද ඉදින් පවසන්නේ...? ඔහුව හැඬවිය නොහැකියි නොවේද ඔය තරමටම...? මෑණියන් හට නම් ඉදින් එසේ හැඬිය නොහැකියි...! ඇරත් ඇගෙන් සඟවන්නටද කිසිවක් නොවේනේ... ඇය නොවේද සියල්ලටම ආශිර්වාද කෙරූයේ...!

නුවිධීෂ තම මෑණියන් වෙනුවෙන් ඉදිකොට තිබූ ශෛලමය ස්මාරකය අසළ එරමිනිය ගොතාගෙන හිඳගත්තේය... අසිපත පසෙකින් තබා නැවත ස්මාරකය වෙත දෙනෙත් අලවාගෙන මොහොතක් බලාහිඳ සුසුමක් පිට කළේය... ඔහුගේ දෑසේ වේදනාවක් ලියැවී නොමැත... නොවේ... එහි වේදනාවක් තබා කිසිදු හැඟීමක් නොමැති සේයි... නමුදු සියල්ලම සිතේ සිරකරගෙන හිඳීමට නොහැක... නිදහස් විය යුතුයි... තමාව විනිශ්චය නොකර අසා සිටින්නෙකු හට පවසා සියල්ලෙන් නිදහස් විය යුතුයි...

"මෑණියනි...,"

දිගු නිහැඬියාවකට පසු ඔහුගේ දුර්වල ස්වරය පිටවත්ම මෙතෙක් වේලා නිසසලව තිබූ නුගපත් සිලි සිලි හඬ නංවමින් ලෙළෙන්නට විය... ඉදින් සිය මෑණියන් ඔහුට සවන්දෙන වගට එයටත් වඩා සාක්ෂ්‍යක් වේද...??

"මෑණියනි...,"

පවසන්නට සිතාගත් බොහෝ දෑ තිබුණා වුවද, එය අරඹන්නේ කොතැනින්දැයි ඔහු දැනසිටියේ නැත... ඉදින් වදන් පිටවන්නට මත්තෙන් නිමාවක් නොමැතිව සිය සුසුම් පිටවනවා දැනුනද, ඔහු එය තැකුවේ නැත... සැබැවින්ම ඔහුට එය නැවතීමට ඇවැසි වූයේ නැත...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now