විහා_ධීෂ"මෙහි පැමිණෙනු පුතණුවනි...! පැමිණෙනු මා අසළට...!!"
සුනීද්ව රජු මෙසේ මහත් සෙනෙහසින් අමතන්නේ ශාක්රස කුමරුන්ගේ පසෙකින් හිඳගෙන සිටින්නාවූ නුවිධීෂයන් හටයි... සුවිහීෂ කුමරු හා විහාධ්‍ය කුමරු ඔවුන්ට ඉදිරියෙන් හිඳගෙන සිටියි... අද ඔවුන් ඉදිරියේ සිටින්නේ වෙනදා සිටින තේජවන්ත රජු නොවේ... සමුද්‍රයෙන් වෙන්වූ විවිධ දේශයන් අතර වෙළඳ කටයුතු වල නිරත වෙන වෙළඳ නාවිකයෙකි... එසේ වෙස්වළා පැමිණීම, තමා පසුපස ලුහුබඳින්නාවූත්, රාජ්‍යයට ඇතුළු වී රාජ්‍ය රහස් හා සිය අනුප්‍රාප්තිකයා පිළිබඳව සොයන්නාවූත් චර පුරුෂයන් මඟහැර පැමිණීම පිණිස ඔහු ගත් තීරණයකි...
"පෙර මෙන් නොවේ ශාක්රස අයියණ්ඩී..., රාජ්‍යය එක්සේසත් කොට චතුර් නගර පිහිටවූ අවධිය මෙන් නොවේ... රාජ්‍ය පාලනයේ මහත් අස්ථාවර බවක් දැනෙනවා මා හට... මාළිගයේ අභ්‍යන්තර හා පිටත අර්බුද රාශියක් පැන නැගීයි තිබෙනුයේ... එහි සිටින්නාවූ කිසිවකුත් විශ්වාස කළ නොහැකියි... මහෝධ්ය නුවරද කැරලි කිහිපයක්ම මැඬ පැවැත්වීමට සිදුවූවා මා හට පෙර දිනවල.. අනෙක් නගර වල වෙසෙන ජනතාවගේ වුවද රාජ්‍ය වෙත ඇති පක්ෂපාතීත්වය අඩු වෙමින් යන බවක් හැඟෙනවා..."
"විශේශයෙන්ම ඔබේ පියාණන් විහාධ්‍ය..., කුමක් හෝ තිබෙනවා මා නොදන්නා යමක්... අක්කණ්ඩියද බොහෝ කනස්සල්ලෙන් සිටිනුයේ... ඔබේ නැගණියන්ද ඈ නොමැතිව මාළිගයෙන් පිට නොකරන ලෙසට මගෙන් ඉල්ලුවා... හැරත් ඔහු නොවේද මෙතරම් කාලයක් මාගේ අනුප්‍රාප්තිකයා සඟවාගෙන සිටියේ...?"
"මාහට පෙර හුන් විශ්වාසදායී මිතුරන් නැතිවගොස් අයියණ්ඩී... සියල්ලෝම ඉලක්ක කරන්නේ සිහසුනයි...!!"
"ඔවුන් රාජ්‍ය පාලනය සඳහා මා පැනවූ විධි විධාන බොහෝ සෙයින් ඉක්මවා යනවා... මා පැනවූ ආඥාවන් මග හැර එක් එක් නගර වල ඔවුන්ගේම ආඥා පනත් ක්‍රියාත්මක කරවනවා... අසාධාරණ අයුරින් බදු අයකරනා වග දැනගන්නට ලැබුණා මා හට... එවිට ජනයා කුපිත වන්නේ මා සමඟයි..."
"මාළිගය තුළම මා හට සතුරන් සිටින බවයි හැඟෙනුයේ... සේනාධිපති මිලෝථ පවා පෙර දිනක දසනාර හා සිව සමග අනුර පුරයේ සාදයකට ගිය වග මා හට දැනගැනීමට හැකිවූවා... මා දියණිය අරුණාධිත් මාගෙන් කුමක් හෝ සඟවනවා... ඈ විභෂ්ණා මෙන් නොවේ... විභෂ්ණා නම් හැදී වැඩුණේ අක්කණ්ඩිය සමීපයේ... අරුණාධි හට තිබෙන්නේ මියගිය ඇගේ මෑණියන්ගේ ගතිගුණයි..."
VOCÊ ESTÁ LENDO
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Ficção Históricaවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.