විහාධීෂ 39

659 136 50
                                    

විහා_ධීෂ

විහාධ්‍ය කුමරු නුවිධීෂයන් හා අමනාප වූවාට පසුව පසුදින රාත්‍රී වන තුරු ඔහු හා එකදු වදනක් හෝ නොදෙඩූ තරම් ය.. නුවිධීෂ කුමක් සිදුකළත්, පැවසූවාත් කොටින්ම ආහාර වර්ජනය කළත් ඔහු නොවේ ඉදින් තැකූයේ...

නුවිධීෂ සිටියේ විහාධ්‍ය කුමරුගේ හිස් පළාදනාවක් දෝතට ගෙන ඒ  සමග ආල බස් දොඩමින් ය... සයනයේ ඒ මේ අත පෙරළෙමින් සිටි නුවිධීෂයන්ව දඬු අඬුවකට හසුවී ඇදීගොස් පශ්චාත් භාගය පොළව සිපගන්නා තුරුත් ඔහු හිඳියේ ඔහුගේම ලොවක තනිවී ය... තනිව කීවාට තනිවී මත් නොවේ ඉදින්...

නුවිධීෂයන්ගේ පශ්චාත් භාගයට ඉදින් කෙදිනත් අපලයි... නමුදු අද දිනට දෙවන වතාවටයි මේ... උදෑසන විහාධ්‍ය කුමරු අවධි වී අඩවන් දෙනෙතින් ඔහුගේ උර මත හිස හොවාගෙන හුන් තමා දෙස බලාහිඳින විටම තම දෑස් විවර වූ වරදේ දණ්ඩන වශයෙන් ඔහු තමාව සයනයෙන් ඉවතට තල්ලු කළ අයුරු ඔහුට මතකය...

"කිමද නුඹ...?? එවර උමතු වීද...???"

"එසේයි...! පැමිණෙනු මෙහි...!!"

විහාධ්‍ය කුමරු නුවිධීෂයන් ව ඇදගෙනම ගොස් සිය රජත වර්ණ වස්ත්‍රයක් ද ඔහුගේ සුරතට දී ඇතුලු කුටියට ඇද දැමුවේය...

නුවිධීෂයන් සිටිනුයේ කිසිවක් වටහාගත නොහැකිවයි... කෙසේ හෝ අවසන තමා සිතූ අයුරින්ම විහාධ්‍ය යනු උන්මත්තකයෙකු වග ඔහු තීරණය කළේය... නැතිනම් කිමද මේ හදිසියේම...?

මනිලා දේවියද සිහිපත් කරමින් දොස් නගා අවසන ඔහු දුන් වස්ත්‍ර හැඳගෙන නුවිධීෂ ඉන් පිටතට පැමිණෙන විටම විහාධ්‍ය කුමරු පැමිණ නැවත ඔහුව ඇදගෙන ගොස් සයනය මතින් හිඳවූයේය... කලබලෙයෙන් මෙන් තම හිසකේ වැටිය ලිහා දමා නැවත පීරා ඉහළට කර ගැටගසනු ඔහුට දැනුනි... මොහොතකට නැවතී තමා ඉදිරියට පැමිණ බලා හිඳ තෘප්තිමත් බැල්මක් හෙලා නැවතත් ස්වර්ණමය හා මාණික්‍යමය පළඳනා පැළඳවීම ඇරඹූයේය...

"කිමද මේ...??"

"..........."

"නුඹේ සරණ මංගල්‍යයට රැගෙන යනවාද මා...?"

"මදකට හෝ නිවනක් නැතිද නුඹේ මුවට...??"

කරමින් හුන් කාර්‍යය මදකට හෝ නොනවතා විහාධ්‍ය කුමරු නොරිස්සුමෙන් පැවසුවේය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now