විහා_ධීෂ
විහාධ්‍ය කුමරු තවමත් හුන් අයුරින්මය... අසිපත් තලය මත තිබූ ඒ දෑස් දැන් තමා මතය... නමුදු අරුමයකි...!! ඒවායෙහි යන්තමින් හෝ ද්වේශයක් තැවරී නොමැත... ඒ වෙනුවට හඳුනාගත නොහැකි හැඟීම් සමුදායක් ඒවාට අරක්ගෙන සිටියි... කෙසේ වුවද ඔහුගේ රුධිරය සෙලවීම නම් හේෂව හට කිසිසේත්ම අවශ්‍ය වූවක් නොවේ... එකවර ඇතිවූ ආවේගයට අසිපත එල්ල කළා පමණි... කිමද ඔහු ගෙල හැරවූයේ..??? අසිපත තමා සතුවී මෙතරම් ස්වල්ප වේලාවකින් විහාධ්‍ය කුමරුන්ගේ රුධිරය සෙලවීම ඔහුවද කම්පනයට පත් කළේය... සිතාමතා සිදුනොකළත්, එය නම් යහපත් නිමිත්තක් නොවන වග හේෂව හොඳින්ම දනී...
හේෂව විහාධ්‍ය කුමරුගේ ගෙල අසලින් සිය අසිපත ඉවත්කරගැනීමට තැත් කළද සුරතට සවියක් නොදැනුනි... ළය ගැස්ම මදක් වේගවත් වනවාද, සිය මුව වියළී යනුද දැණුනි...
විහාධ්‍ය කුමරුන්ගේ රුධිරය තවරාගත් අසිපත නම් බොහෝ සේ අහංකාර වී ඇති හැඩයි... ක්ෂණයකින් දුර්වල වූ හේෂවගේ දෑත් හා අහේතුක බියකින් පිරුණු දෑස් වලට අභියෝග කරන්නට මෙන්, අසිපත් තලය ඔහුගේ ගෙල අතහැරීම ප්‍රතික්ෂේප කරන්නට විය... හේෂව අසිපත දෝතින්ම අල්වාගෙන හැකි පමණ වෙර යොදා අවසන විහාධ්‍ය කුමරුගේ ගෙල මතින් එය ඉවත් කළේය...
තම හෘදස්පන්දනය වේගවත් වී ඇති බවත් වේගයෙන්හුස්ම වැටෙමින් ළය ඉහළ පහළ යන බවත් ඔහුට හොඳින්ම දැනේ... ඔහු අසිපත තමා වෙත ගෙන දෑස් ඔසවා විහාධ්‍ය කුමරු දෙස බැලුවේය... ගෙල පාමුලින් තවමත් රක්තවර්ණ රුහිරු බිඳු එක පෙළට ගලා එනු පෙනේ... ඒවා ඔහු හැඳ සිටි ශ්වේත පැහැ සළු තුළට වැදී සිතුවම් මවමින් සැඟව යයි...
විහාධ්‍ය කුමරුන්ගේ දෑස් තවමත් තමා මතය... තම දෑස් ඒ දෑස් හා ගැටුණු විට ඔහු තමා හා සිනාසෙන්නට විය... නොවේ... මුව මත නම් සිනහවක සේයාවක් හෝ නොවේ... ඒ ඔහුගේ සිහින් වී ගොස් ඇති නීල දෑස් ය... ඒමත බැඳී ඇති සියුම් දිය පටලය නිසා ඒවා දිදුලන්නට විය... මහත් සෙනෙහසකින් යුතුව ඔහු හා සිනාසෙන්නටද... මහත් හැඟීම්බර ලෙස ඔහු දෙස බලාසිටින්නටද විය...
හේෂව යමක් කීමට මුව විවර කළා පමණි... තවත් මොහොතක් හෝ නොරැඳුණු ඔහු සයනයෙන් නැගිට ගොස් යන්නට හැරුණේය...
YOU ARE READING
⚔️ විහාධීෂ ⚔️ [ Historical ]
Historical Fictionවිහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.