විහාධීෂ 56

431 112 103
                                    


විහා_ධීෂ


අනවසරයෙන් වැටුණු මළානික අව් රැල්ලක්, මහෝධ්‍ය නුවර රාජකීය උද්‍යානයේ අස්සක් මුල්ලක් නෑර පැතිර යද්දී, ලෝහිත පැහැයට හැරී පලින් පල ගොඩගැසී තිබුණු කුඩා තිරිවානා කැබලි ඇතිරූ සුදු වැල්ල හුන්නේ දෙස් දෙවොල් තියමින්ය... මග දෙපස සැරසූ පුන් කුඹු තැලී පොඩිවී, පලින් පල විසිවී ගොස්  අඳෝනා තබන්නට වූයේය... තවමත් උද්‍යානයේ තැන් තැන්  වල තිබුණු මළ සිරුරු පර්වත මත කෑගසමින් හුන් කාකාදී පක්ෂීන් හට නම්, අද මාලිගයෙන්ම රාජ භෝජනය...

පෙරදින උත්සවශ්‍රීයෙන් වෛවරණ යෝධ පතාකයන් ළෙලදුන් මාළිගය, අද ශ්වේත පැහැ ධජ වලින් වැසී ගොසින්ය... කෙසර ධජය පමණක් තනිව පහය මුදුනට වී හිඳින්නට වූයේය... ඉදින් මහා සංග්‍රාමයක් දිනාගත් පසුත් මාළිගය අවමංගල්‍යයක ස්වරූපයක් උසුළන්නට වූයේය...

පෙරදී එකට එක්වී රණ බිමට බට, එක්ව සටන්වැදී, ජය ඝෝෂා කර ජය පැන් පිරූ සහෘද සේනාවක් දෙපිළකට බෙදී එකිනෙකා මරා ගනිමින් යුධ වැදීමම සංවේගයට කාරණාවක් නොවෙද...?? ඉදින් කෙසේ හෝ අවසන සංග්‍රාමයේ ජය හිමිවූයේ සුනීද්ව රජුහට වුවත්, නැවත විමසා බලද්දී නම් සැබෑවටම ඔහු ලද ජයක් නොවුණි...

මුලු ද්වීපයම තම දියණිය සේ දැනහුන් අරුණාධි කුමරිය රාජ්‍ය ද්‍රෝහියෙකු බවටත්, සැඟව හිඳිනා තැනක් පිළිබඳව යම් තොරතුරක් ලබාදෙන්නෙකු හට දහසින් බැඳි පියලි හිමිවන බවටත් ප්‍රකාශ කොට වැඩිවේලාවක් ගත වී නොතිබුණි...

වසර ගණනාවක් පුරාවට රජු ඇසුරු කළ සිය හිතවත් මිත්‍රයා..., මුලු මිහිලාද්වීපයටම විදග්ධ පඬිරුවනක් වූ කාව්‍යදේව පඬිවරයාගේ ප්‍රාණ නල සිඳීගියේ  පෙරදිනය... ඒ ඔහුගේ දෑස් ඉදිරියේමය... එයත් ඔහුගේම නොවුනද ඔහුගේ වූ දියණියගේ ප්‍රහාරයකිනි... එසේම රාජ සභාවේ වූ ඔහුගේ විශ්වාසවන්තම සහායකයා... සිය මිතුරියගේ පියාණන්ට පසු ඔහුට හිමිවූ ඥානවන්ත සගයා... නොඑසේ නම් රාජ සභාවේ මහාමාත්‍යවරයා... ඔහු සිහි එලවාගත් මොහොතේම සිදුකළේ මහාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමයි...

රජු සිය පුත්‍රස්ථානයේ තබාගෙන හුන් පුතුන් පස්දෙනාගෙන් එක් අයෙකුගේ දිවියද, පෙර කියූ සැපින්නගේ හීයක් විත් හේතු විරහිත අයුරින් සොරාගෙන ගොස් තිබුණි... අත්දැකීම් සහිත පරිණත රජෙකු වූ ඔහුට, ළා බාල තරුණියක් ඉදිරියේ කිසිවක් කරගැනීමට නොහැකි වද්දී, ඔහු ඉදිරියේම එක් මහරු රුධිර බැඳීමක් කඩා වැටුණි...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Where stories live. Discover now