විහාධීෂ 1

5.4K 365 85
                                    


විහා_ධීෂ

ඒ වනාහී මිහීලාද්වීපයේ සුනීද්ව රජු රජකම් කරන කාලයයි... පුරාණ ඓතිහාසික ග්‍රන්ථ, සෙල්ලිපි ආදියෙහි සටහන්ව ඇති හා පුරාවස්තු පිරික්සීමේදී හෙළිදරව් වන සාක්ෂි අනුව සුනීදව රජුගේ රාජ්‍ය පාලන සමය මිහීලාද්වීපයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකිණි...

හෙතෙම සොළොස් වියේදී රාජ්‍ය පාලනය භාර ගත්තා වුවද, දෙවසරක් යන්නටත් ප්‍රථම එළඹෙන ඉදිරි කාලය උදෙසා සැලසුම් කළ නව කටයුතු රාශියකටම අත්තිවාරම් දමා අවසන් විය... ඒ අතුරින් එක් වැදගත් තීරණයක් ලෙස පරිපාලනයේ පහසුව තකා, සුනීද්ව රජු විසින් සිය රාජ්‍යය ප්‍රධාන ප්‍රාන්ත සතරකට බෙදා එහි පාලනයට ප්‍රාන්ත වශයෙන් සිය විශ්වාසවන්තම රජකුමාරවරු සතරදෙනෙක් පත් කළහ...

මේ ප්‍රාන්ත මිහීලාද්වීපයේ චතුර් නගර ලෙස හැඳිවීය...

අනුර නගර, අනුර කුමරු හටත්

ශාක්‍රස පුර, ශාක්‍රස කුමරු හටත්

සිව නගර, සිව කුමරු හටත්

දසනාර පුර, දසනාර කුමරු හටත් ලෙස චතුර් නගර භාර විය...

අග නගරය වූ මහෝධ්‍ය නුවර පිහිටි රාජධානිය මධ්‍ය කොටගෙන ඉතිරි නගර එයවටා පිහිටුවීය... මහෝධ්‍ය නුවර වටා ගොඩනාගා තිබූ තිබූ පවුරු වළල්ලේ සතර දිශාවලින් ද්වාර සතරක් එක් එක් නගරයට විවෘත වන පරිදි ඉතා සැලසුම් සහගත ලෙස නගර නිර්මාණය සිදුකර තිබිණි...

දෙ විසි වසරකට පසු...

විසි එක් වයස් පූර්ණ වූ මනාව වැඩුණු දේහදාරී සිරුරකට හිමිකම් කියූ මෙහෙකාර තරුණයෙකි... සූර්‍ය රැසින් පිළිස්සී ගිය නුමුදු, පැහැපත් බව සැඟවී නොගියාවූ ඇත් දළ පැහැයට නෑ කම් කියූ සමක් ඇති ඔහු අනුර මැදුරට සැතපුම් බාගයක් පමණ එපිටින් ගලා ගියා වූ වෛශාල නදියේ කුඩා අතු ගංගාවේ ගං ඉවුර අසළ හිඳගෙන ගැඹුරු කල්පනාවකය... පැරණි කසපහර කීපයක කැළල් කීපයක් තිබූ නග්න උඩුකයත්, ඉණට හැඳ සිටි කලවා වැසීමට පමණක් ප්‍රමාණවත් වූ කඩමාලු වස්ත්‍රයත්, උරෙන් පහළට වන්නට වැවී තිබුණු අපිළිවෙල කෙස් වැටියත් ඔහු පහත් කුලයක දාසයෙකු වග හැඳිනීමට ප්‍රමාණවත් විය...

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Onde histórias criam vida. Descubra agora