විහාධීෂ 23

1K 221 71
                                    


විහා_ධීෂ


"තවමත් මා හට කල්පනා නැහැ වනුයේ ඔහු කවරෙක්ද කියා...!! හැරත් විහාධ්‍ය හට අභියෝග කරන්නට තරම්...!"

"එයමයි මාද පවසන්නේ... ඔහුගේ නිපුණත්වය...!!! අදහාගත නොහැකියි...!"

"කෙසේ වුවත් එය ශාක්‍රස පුරයේ ශාස්ත්‍රාලයේ ලබාදෙන්නාවූ ශිල්ප වලින් මදකුදු නැහැ වෙනස් වනුයේ..."

"එසේම දුටුවාද ඔහුගේ අසිපත...? ඔහු අනිවාර්යයෙන්ම ශාක්‍රස පුරයට අයත් අයෙකු විය යුතුයි..."

"ශාක්‍රස කුමක් හෝ සඟවනවා අපගෙන්...!!"

"එසේයි... නමුදු අප එහි ගිය කල නැහැ නොවේද කිසිදු වෙනසක් දක්නට තිබූයේ...??"

"ඇරත් විහාධ්‍ය සිටින්නෙත් එහි නොවේද...??"

"මා ඔහුට පැවසූවා සොයා බලන ලෙසට..."

"කෙසේ වුවත් ඔහු හටත් යහපත් වූවාක් නොවේනේ එය... රජු ඔහු කවරෙක්ද කියා සොයන්නේලු..."

"අප ශාක්‍රස පුරයට ගිය දින හදිසියේම මා හට ආයුදේව වෙදැදුරුවරයා වරයා හමුවූවා..."

"ආයුදේව වෙදැදුරු...?? උරහිසින් වෙන්කළ යුතුවූ ඔබේ සුරත මැණික්කටුව තෙක්ම බේරාගත්තේ ඔහු නොවේද...??"

"එසේයි... ඔහු තමා..."

"ඔබ හට ප්‍රතිකාර කිරීමට ශාක්‍රස ඔහුව මෙහි එව්වාද...??"

"එසේයි...! එදිනත් ඔහු රාජකාරියකට මැදුර වෙත යන බැව් පැවසූවා...!!"

"ඉදින් එහි කවරෙකු හෝ රෝගී වන්නට ඇති..."

"නමුදු කවරෙක්ද...??"

"අප එහි යනවිට සුවිහීෂ එහි සිටියේ නැහැ නොවේද ඉදින්...?"

"නමුදු ශාක්‍රස පැවසූයේ ඔහු අත්‍යවශ්‍ය රාජකාරියක් සඳහා පිටතට ගිය වගක් නොවේද...??"

"එසේයි... සුවිහීෂත් නොවේ නම්..., කවරෙක්ද මැදුරේ රෝගාතුරව සිටිනුයේ...???"

"එය නම් නොවැටහේ...!!"

"නුඹ දුටුවාද එදින සටනට පැමිණි පුද්ගලයාගේ කෙටි හිසකෙස් තිබූයේ... එයත් එක් තැනක හිසකෙස් වැවී තිබුණේ නැහැ... හිස පලුදු වූවාක් මෙන්... දුටුවාද...? දුටුවාද...??"

⚔️ විහාධීෂ ⚔️  [ Historical ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin